මීතෙන් කාන්දුවක් තුර්කි සෙබළු 12 ක් මරුට

උතුරුදිග ඉරාකයේ සතුරු ඉලක්ක අඩපණ කිරීමේ මෙහෙයුමක් අතරතුරේ, තුර්කි සෙබළුන් 12 ක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ, මීතෙන් වායු කාන්දුවක් හේතුවෙනි.
මෙම මෙහෙයුම සිදුවූයේ තුර්කි ආරක්ෂක අමත්‍යාංශය යටතේය. තුර්කි සෙබළුන්, කඳුකරයේ, ගුහාවක් සෝදිසි කරමින් සිටියදී, සෙබළුන් පිරිස මෙම අකරතැබ්බට මුහුණ දුන් බව පැවැසෙයි.

