බෙදුම්වාදී කල්ලිය තුර්කියට එරෙහි සටන නවත්වයි
දශක ගණනක් තිස්සේ තුර්කිය සමඟ බෙදුම්වාදී අරගලයක නියැලෙන ‘කුර්දිස්තාන් කම්කරු පක්ෂය’, තුර්කියට එරෙහිව ගෙන යන සටන් නැවැත්වීමට තීරණය කළේය.
‘කුර්දිස්තාන් කම්කරු පක්ෂය’ දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විත අතර, ‘කුර්දිස්තාන් කම්කරු පක්ෂය’ තුර්කිය විසින් තහනම් කරනු ලැබ ඇත. ඒ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරමින්ය.
කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ නායක අබ්දුල්ලා ඔකලාන් සිටින්නේ තුර්කි අත්අඩංගුවේය.
1999 වසරේ සිට තුර්කියට අයත් බන්ධනාගාර දූපතක සිරකරුවකු වන ඔකලාන්, සිය බෙදුම්වාදී කුර්දි සටන්කාමීන් අමතමින්, ඔවුන්ට කියා සිටියේ තුර්කිය සමඟ ගැටුම් නවත්වන ලෙසත් ආයුද බිම දමන ලෙසත්ය. ‘කුර්දිස්තාන් කම්කරු පක්ෂය’ විසුරුවා හැරීමට පියවර ගන්නා බව ද අබ්දුල්ලා ඔකලාන් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)