පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගනී

මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්තේය.
නිල වශයෙන් පලස්තීනය පිළිගනිමින් මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව අවධාරණය කළේ ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදයට ඇති ඒකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් බවය.
මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව පලස්තිනය වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනීම ඊශ්‍රායලයට එල්ල වුණු අතුල් පහරක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව, ඊශ්‍රායලයේ මිතුරා වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

