නෙදන්යාහු කලාපීය ආරක්ෂාවට තර්ජනයක්

කලාපීය සාමයට ලොකුම බාධාව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් චෝදනා කරයි.
තුර්කි ජනාධිපතිවරයා මෙසේ චෝදනා කළේ තුර්කියේ ඉස්ලාමීය සහයෝගීතා සමුළුව අමතමිනි.
ඉස්ලාමීය සහයෝගීතා සමුළුව පැවැත්වූයේ අසල්වැසි කලාපීය අරාබි රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙනි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානය සහ ඇමෙරිකාව අතරේ සාකච්ඡා පසුගිය කාලයේ පැවැත්විණි.
එම සාකච්ඡා සාර්ථක වී, ඇමෙරිකාව සහ ඉරානය අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ඊශ්‍රායලය පසුගිය සතියේ ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ඊශ්‍රායලය සහ ඉරානය අතරේ ගැටුමක් හටගත්තේ ඒ අනුවය.
‘ඉරානය න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ හදනවා යැයි චෝදනා නගන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒවා විශ්වාස කරනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කලාපීය සාමයට ලොකු බාධාවක්. ඔහුට ඔහුගේ අභිමතය පරිදි ක්රියාකාරීමට ඉඩ ලබා දීම වැරදියි’ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් චෝදනා කර ඇත.
(අල් ජසීරා)

