දුර්ලභ අරාබි වෘකයෙකු හමුවෙයි

ඕමානයේ සලාලා නගරයට ආසන්න ප්‍රදේශයකදී දුර්ලභ ගණයේ අරාබි වෘකයකු දැකගැනීමට හැක වී ඇති බව වාර්තා වේ.
මෙම වෘක විශේෂය පහසුවෙන් දැකගත නොහැකි අරාබි වෘකයෙකු වන අතර, මෙම දුර්ලභ වෘකයාව කැමරා කාචයේ සටහන් කරගෙන තිබේ.
අරාබි වෘකයා යනු අරාබි අර්ධද්වීපයට ආවේණික, දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව සිටින උප විශේෂයකි.
ඕමාන් රජය මෙම සත්වයා දඩයම් කිරීම තහනම් කර ඇති අතර, එමඟින් වෘක ගහනය ක්‍රමයෙන් නැවත වර්ධනය වීමට ඉඩ සැලසී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - සලාල නුවර)

