දැරියකට අවමාන තර්ජන කළ අයෙක් අල්ලයි



කුවේටයේ 13 හැවිරිදි දැරියක් අවමාන තර්ජන (බ්ලැක්මේල්) කිරීමට උත්සාහ කළවෙළඳසැල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

13 හැවිරිදි දැරිය රසකැවිලි සොරකම් කිරීමට උත්සාහ කළ බව සේවකයා ප්‍රකාශ කළදපසුව ඇයව අල්ලාගෙන, කප්පම් ගැනීමට සහ බිය ගැන්වීමට කටයුතු කර ඇත.

දැරියගේ බෑගයෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගෙන පොලීසියට රැගන යන බවට තර්ජනය කර ඇත.

බියට පත් දැරිය කෑගසන්නට පටන් ගෙන ඇති අතර පියා අසල්වාසීන් දැණුවත් කර සේවකයාව පොලීසියට අල්ලා දී ඇත.

බාල වයස්කාර දැරියක්ට අවමාන තර්ජන කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට නගරය)

RECOMMEND POSTS