ඩුබායි ඔටුන්න හිමි කුමාරුගේ වික්‍රමය

ඩුබායි ඔටුන්න හිමි කුමරු Skydiving ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය වෙත මුදාහැර ඇති බව වාර්තා වේ.
පාම් ජුමෙයිරාදූපත් අසල ඩුබායි වෙරළ තීරයට ඉහළින් තමන් පැරෂුට් පිම්මක නිරත වන ආකාරය අදාල වීඩියෝ සටහන්ව තිබේ.
ඊශ්‍රායල-ඉරාන යුද්ධය සහ මෑතකාලීන කලාපීය නොසන්සුන්තාවන් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ක්‍රීඩා නැවතත් ඩුබායි හි ආරම්භ වී ඇති බව මෙම සුවිශේෂී ක්‍රියාවෙන් සංකේතවත් කෙරේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

