ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ආරක්ෂක කවුන්සිලයට

ගාසා තිරය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 20 කින් සමන්විත යෝජනාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඒ, ඊට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින්ය.
ඇමෙරිතන් ජනාධිපතිවරයා ගාසා තීරය සම්බන්ධයෙන් සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් සකස් කර ඇත්තේ තුර්කිය, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය හවුල් කර ගනිමිනි.
මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමයක් පවතින්නේ ද ට්‍රම්ප්ගේ මෙම යෝජනාවට අනුවය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් නිරායුධ විය යුතු බවත්, ගාසා තීරයේ ආරක්ෂාව විදෙස් ආරක්ෂක බලඇණියකට ලබා දිය යුතුයි යන කොන්දේසි මෙම යෝජනාවට ඇතුළත් වෙයි.
මේ අතර, ද්වී රාජ්‍ය විසඳුමක් යටතේ, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ යෝජනාවක් ඇමෙරිකාව මැදිහත් වී සකස් කර ඇති අතර, එය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු වීමට නියමිතව ඇත. කෙසේ නමුත්, එම යෝජනාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය දැඩි ලෙස විරෝධය දක්වමින් පවසා ඇත්තේ තමන් එම යෝජනාවට කැමැත්තක් නොදක්වන බවය.

