ජෝර්දානයේ ඇමෙරිකන් ඉලක්කවලට ප්‍රහාර



ජෝර්දානයේ පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වූ හදිසි මිසයිල ප්‍රහාර කිහිපයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකි වූ බව ඇමෙරිකානු මධ්‍යම බළකාය පවසයි.

ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ සියලුම මිසයිල ගුවනේදීම විනාශ කර ඇති අතර, ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවද ඇමෙරිකානු මධ්‍යම බළකාය නිවේදනය කර ඇත

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් මෙම බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඇමෙරිකානු හමුදාව සනාථ කර තිබේ.


RECOMMEND POSTS