ගින්කින් කතක් මරුට:19 කට තුවාල



ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ අල් වර්ඩියන්  ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි පාවහන් ගබඩාවේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන, ඉතා වේගයෙන් දෙවන මහලේ පිහිටි නිවාසයකට ගින්න පැතිරී පැතිරී ගොස් ඇත.

ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයින්ට දුමාරය ආඝ්‍රහණය වී ඇති අතර, පිළිස්සුම් තුවාල සිදු වී ඇත.

පුද්ගලයින් කීහිපදෙනෙකු දෙවන මහලින් බිමට පැනීම හේතුවෙන් අස්ථි බිඳීම් සිදුව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS