ගමන්මලු ගේන්න එපා: කුවේටය කියයි



කුවේටයට පැමිණන හෝ පිටව යන අවස්ථාවන්වලදි වෙනත් පුද්ගලයින්ගේ ගමන්මලු රැගෙන ඒමට හෝ රැගෙන යෑමට කටයුතු නොකරන ලෙස කුවේටය සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරන බව වාර්තා වේ.

ගමන්මලු තුළ සඟවන ලද මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු අන්අයගේ ගමන්මලු රැගෙන යාමෙන් හෝ රැගෙන ඒමෙන් වළකින ලෙස කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරකයින්ට අනතුරු අඟවා ඇත.

විවිධ පුද්ගලයින් ලබාදෙන ගමන්මලු තුළ මත්ද්‍රව්‍ය සඟවා ඇති අතර, ඒවා නීත්‍යානුකූල ඖෂධ බවට විශ්වාස කරමින් කුවේටයට රැගෙන විත් විවිධ පුද්ගලයින්ට ලබාදෙන බවද කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.  

ඕනෑම තහනම් ද්‍රව්‍යයක් සන්තකයේ තිබී හමු වුවහොත් සම්පූර්ණ නීතිමය වගකීමට මුහුණ දිමට අදාල පුද්ගලයාට සිදුවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා කිසිදු දැණුමක් නොමැති සංචාරකයින් යොදාගන්නා බව  බලධාරීන් අවධාරණය කළේ ය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ නීතිමය බලධාරීන් වෙත යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS