කුවේට් අමීර්වරයාට ඊජිප්තුවෙන් ආරාධනාවක්



කුවේට් අමීර්වරයාට ජුලි 03 දින පැවැත්වෙන ඊජිප්තු මහා කෞතුකාගාරයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆටා අල් සිසි අතිගරු අමීර්, ෂෙයික් මෙෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබාට ආරාධනා කර තිබේ.

ඔටුන්න හිමි කුමරු ෂෙයික් සබා කලීඩ් අල් හමාඩ් අල් සබාට ද එවැනිම ආරාධනයක් කර තිබේ.

කුවේට් විදේශ අමාත්‍ය අබ්දුල්ලා අල් යාහියා කුවේට් හි ඊජිප්තු තානාපති ඔසාමා ෂල්ටවුට් සමඟ පැවති සාකච්ඡාවේදී ආරාධනා දෙකම ලැබුණු බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS