කුවේටය සිය ගුවන් කලාපය යළි විවෘත කරයි



කුවේටය මැදපෙරදිග කලාපයේ ඇති වු අස්ථාවරභාවය හේතුවෙන් වසා දමා තිබු සිය ගුවන් කලාපය යළි විවෘත කිරීමටකටයුතු කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

ඉරානයෙන් ප්‍රහාර එල්ලවීමට පටන් ගැනීමත් සමගම සිය ගුවන් කලාපය වසා දමා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ගුවන් යානා වෙනත් විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමට ද කටයුතු කෙරිණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS