කුවේටයෙන් භාණ්ඩ බෙදාහැරීමේ තහනමක්



කුවේටය ජුනි 1 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ භාණ්ඩ හැරීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ දිනවල දහවල් කාලයේ පවතින අධික උෂ්ණත්වයෙන් රියදුරන් ආරක්ෂා කිරීම මෙම පියවර ගැනීමේ අරමුණයි.

මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට රථවාහන දඩ පත්‍රිකා නිකුත් කරන බව රථවාහන දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS