කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක්
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා බලය අල්ලා ගත් විපක්ෂය පිහිටුවා ඇති නව අන්තර්වාර රජය, කටාර් රාජ්ය ය සමඟ යහපත් සබඳතා ආරම්භ කරමින්, කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක් ද පිහිටුවා ඇත.
බටහිර හිතවාදී විපක්ෂයට, කටාර්යේ සහාය ලැබුණු බැවින්, ගතවුණු වසර 13 ක කාලයේ සිරියානු ජනපති අසාද්ගේ රජයත්, කටාර් රාජ්ය යත් අතරේ රාජ්යි තාන්ත්රිාක සබඳතා පැවැත්වූයේ නැත.
තුර්කිය ද සිරියානු විපක්ෂයට සහාය දෙන අතර, අසාද් පාලනය පෙරළා දැමීමට විශාල දායකත්වයක් ද ලබා දුන්නේය. නව අන්තර්වාර පාලනය යටතේ සිරියාවේ පළමු විදෙස් තානාපති කාර්යාලය ලෙස පිහිටුවනු ලැබුවේ තුර්කි තානාපති කාර්යාලයයි.
(ඒ.එෆ්.පී.)