ඊශ්‍රායල ලෙබනන් සාමකතා ඉතාලියේ

ඊශ්‍රායලය සහ ලෙබනන අතරේ නව සාමකතා වටයක් ඉතාලියේ රෝම අගනුවරදී ආරම්භ විය. ඊශ්‍රායල රජයේ නිලධාරීන් මෙන්ම ලෙබනන් රජයේ නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වූ බව පැවැසෙයි.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර අර්බුදයක් පවතින්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හේතුවෙනි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එරට දේශපාලනය සමග බැඳී පවතී. හිස්බුල්ලා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවත්, ඊට හිස්බුල්ලා නියෝජිතයන් කිසිවක් සහභාගී වූයේ නැත.
ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන නිසාය. හිස්බුල්ලා සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන්නේ ඉරානයයි. ඉරානය ඇමෙරිකාවට පවසා ඇත්තේ, ඊශ්‍රායලය, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නේ නම් පමණක් ඉරාන ඇමෙරිකා ගැටුම අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වීම කළ හැකි බවය.

