ඊශ්රායල මහ මැතිවරණය හෙට

ඊශ්රායල මහ මැතිවරණය හෙට (27) පැවැත්වෙයි. බලයේ සිටින අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු මැතිවරණයට ඉදිරිපත් වන්නේ දිගටම බලයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙනි.
නෙතන්යාහු යළි බලයට පත්වීම වැළැක්වීමේ එකම අරමුණින්, විපක්ෂ දේශපාලන පක්ෂ 4 ක්, සන්ධානගතවී සිටී.
ඊශ්රායලයේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එකමුතු වුණු මෙම විපක්ෂ සන්ධානයේ අග්රාමාත්ය අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති ගාඩි අයිසෙන්කොට් පෙරමුණ ගෙන සිටී.
ඊට අමතරව, හිටපු අගමැති නෆ්තාලි බෙනට් ද තවත් ප්රධාන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙයි.
ඊශ්රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. මැතිවරණය පැවැත්වෙන්නේ ‘නෙසට්’ සභාවේ ආසන 120 සඳහාය.

