ඊශ්‍රායලයට නව කතා නායකයෙක්



ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවේ නව කතානායකවරයා ලෙස මාතාන් කහානා තෝරා පත් කර ගැනුණි.

ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ පැවති ඡන්ද විමසුමකින් පසු, ඊශ්‍රායලයේ මීළඟ රජය පිහිටුවීමට උත්සාහ දරන විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් සමීපමයෙකි.

පසුගිය දා පැවැති ඊශ්‍රායල මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි වූයේ නැත. රජයක් පිහිටුවීමට විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් සහ ඔහුගේ හිතවාදීන්ට අවස්ථාව ලැබී ඇත. නව රජයක් පිහිටුවනතුරු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දිගටම සිය ධුරයේ කටයුතු කරනු ඇත.

ක්ෂ නායක ගාඩි අයිසන්කොට් උත්සහ ගන්නේ, ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී, නෙදන්යාහුට හිතවාදී දේශපාලන පක්ෂ ද හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට යැයි පැවැසයි. නෙතන්යාහු දශක තුනකට වැඩි කාලයක් බලයේ සිටි ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.

කතා නායකවරයා තෝරා ගැනීමට ඡන්ද විමසුම පැවැත්වූයේ දේශපාලන අස්ථාවරතා මධ්‍යයේය. කහානා, ඡන්ද 66 ක් දිනා ගනිමින් කතා නායක ධුරයට පත්වුණු බව පැවැසෙයි.

නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ ඕෆිර් කට්ස්ට ලබා ගත හැකි වූයේ ඡන්ද 52ක් පමණි.

පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලසටහන් සකස් කිරීම, නීති සම්පාදන කටයුතු වේගවත් කිරීම හෝ ප්‍රමාද කිරීම වැනි බලතල හිමි බැවින් ඊශ්‍රායල කතා නායක ධුරය ඉතා වැදගත් වෙයි.

හිටපු විශේෂ බලකා සෙබළකු වන 54 හැවිරිදි කහානා, විශේෂයෙන්ම අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු නෙතන්යාහුගේ ආන්දෝලනාත්මක දේශීය ප්‍රතිපත්ති ඉවත් කිරීමේ කටයුතු වහාම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


RECOMMEND POSTS