ඊශ්‍රායලයට අරමුදල් සැපයීම නවත්වනවා

ඊශ්‍රායලයට අරමුදල් සැපැයීම නවත්වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
"ඊශ්‍රායලයට ලබා දෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන්, මා අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන්පසු අප එකඟතාවක් ඇති කර ගත්තා. අප ඊශ්‍රායලයට වසරකට ඩොලර් බිලියන 4ක් මුදල් ආධාර ලබා දෙනවා. මින් ඉදිරියට එසේ මුදල් ආධාර ලබා දීමක් සිදුවන්නේ නැහැ. ඒත් අවශ්‍ය ඕනෑම වේලාවක මූල්‍යමය වශයෙන් ද ඊශ්‍රායලයට උදවු කරන්න අප කැපවී සිටිනවා." යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් සඳහන් කළ මෙම මූල්‍ය ආධාර කප්පාදුව කුමන ආකාරයේ ආධාරවලට අදාළ වන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊශ්‍රායලයට ලබාදෙන ඇමෙරිකානු ආධාර දැඩි ලෙස විවේචනය කරන්නේ, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ මිචිගන් සෙනෙට් සභා අපේක්ෂක අබ්දුල් එල්-සායඩ් ය. එල්-සායඩ්ගේ එම විවේචන හේතුවෙන් ට්‍රම්ප් මෙසේ ඊශ්‍රායලයට ලබා දෙන මූල්‍ය ආධාර කප්පාදු කිරීමට තීරණය කරන්න ඇති බව ද පැවැසෙයි.

