ඉරාකයේ ක්ලෝරීන් විෂ වී 600 ක් රෝහලේ



ඉරාකයේ ආගමික උත්සවයක් අතරතුරේ, ඊට සහභාගී වූ ෂියා මුස්ලිම් බැතිමතුන් 600 කට වැඩි පිරිසක් ක්ලෝරීන් ආඝ්‍රාණයවීමෙන්, ශ්වසන රෝහල්ගත කෙරුණි.

ක්ලෝරීන් ආඝ්‍රාණය සිදුවූයේ, ඉරාකයේ ශුද්ධ නගර දෙකක් වන නජාෆ් සහ කර්බාලා සම්බන්ධ කළ ජල පවිත්‍රාගාරයක සිදුවුණු ක්ලෝරීන් කාන්දුවක් මුල්කොට ගනිමිනි.

රෝහල්ගත කළ කිසිවකුගේ තත්වය බරපතල නොවන බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට පියවරගත් බවත් බලධාරීහු පවසති.


RECOMMEND POSTS