ඉන්දු යේමන සබඳතා ශක්තිමත්

යේමනයේ ඉන්දීය තානාපති සහ යේමනයේ ජනාධිපති නායකත්ව මණ්ඩලයේ සභාපති රෂාඩ් අල්-අලිමි අතර හමුවක් සෞදියේ දී පැවැත්විණි. හමුව පැවැත්වූයේ සෞදියේ රියාද් නුවරය.
දෙරට අතර සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, යේමනයට දිගින් දිගටම සහාය දැක්වූ රාජ්‍යයක් ලෙස ඉන්දියාව සැලකෙයි.
ඉන්දියානු රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාව සහ යේමනය අතර සම්පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 1.07 ක් යැයි ද පැවැසෙයි.

