ආහාර මලු ලක්ෂ 3ක් බෙදා දෙන්න යයි



යේමනයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට ආහාර මලු 300,000ක් බෙදා දීමට සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථනය කටයුතු කරන බව වාර්තා වේ.

2025–2026 වසර සඳහා යේමනයට ආහාර මලු 300,000ක් බෙදා හැරීමේ සැලැස්ම පිළිබඳව සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථන නියෝජිතයින් හමුවී සිදුකළ සාකච්ඡාවකින් පසු යේමනය නිවේදනය කළේ ය.

අවතැන් වූ පුද්ගලයින් 841,190ක් ඇතුළුව පවුල් 120,170කට ආහාර ආධාර සැපයීම ප්‍රධාන අරමුණ වේ.

යේමනයේ ජනතාවට සහාය වීම සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථනය සිදු කරන පුළුල් මානුෂීය සහ සහන ව්‍යාපෘති මාලාවක එක් කොටසකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline -රියාද් නුවර)

RECOMMEND POSTS