ආධාර රැගත් ට්‍රක්රථ 90ක් ගාසා තීරයට
ගාසා තීරයේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර රැගෙන ට්‍රක්රථ 90ක් පැමිණ ඇති බව වාර්තා වේ.
අදාල මානුෂීය ආධාර රැගත් ට්‍රක්රථ ගාසා තීරයේ විවිධ ප්‍රදේශවලට ලබා දුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය.
එම ආධාරවලට පිටි, ආහාර සැපයුම්, ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සහ සහන ද්‍රව්‍ය ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ ආයතනවල අධීක්ෂණය යටතේ කරම් අබු සේලම් සහ රෆා හරස් මාර්ග හරහා ට්‍රක් රථ අධාර බෙදාදීම සඳහා ඇතුළු වී ඇත.
ගාසා තීරයේ අත්‍යවශ්‍ය සැපයුම්වල දැඩි හිඟයක් පවතින බැවින් හදිසි අවශ්‍යතා සපුරාලීම ප්‍රධාන අරමුණ වු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ජිනීවා නුවර)