වසංගතයක් වූ කොරෝනා
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මුළු ලෝකයම අකර්මන්‍ය වී ඇත.
ආර්ථික කටයුතු ඇතුළු සියල්ල ඇණහිට ඇත. ලොව සෑම රටක්ම පාහේ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන අතර පැනවූ ඇතැම් දැඩි සීමා ලිහිල් කිරීමට පියවර ගනිමින් සිටී.
එසේ පැනවූ දැඩි සීමා ලිහිල් කළ ද කොරෝනා වසංගතයේ අවදානම තවම පහව ගොස් නැත. පැනවූ දැඩි සීමා ඉවත් කරන්නේ නම් එය දැඩි විමසිල්ලෙන් කළ යුතු යැයි ද පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් නොවිය යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එබැවින් පැනවූ සීමා ලිහිල් කළ ද තවත් බොහෝ කාලයක් යනතුරු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සියලු දෙනාගේ යහපතට හේතු වේ.
අත්‍යවශ්‍ය සේවා විශේෂයෙන්ම ජනතාවගේ ආහාර හා ඖෂධ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙරට ආණ්ඩුව ද විවිධ පියවර ගනිමින් සිටි. එබැවින් වගකීම් සහගත වෙමින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.
කඩසාප්පුවලට යන සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය. අන් අය සමඟ මීටරයේ පරතරය තබා ගත යුතුය. සෑම විටම ඇස්, කට සහ නාසය ඇල්ලීමෙන් වැළකිය යුතුය. හැකි නම් කඩසාප්පුවලට යෑමේදී භාවිත කරන ට්‍රෝලි, ඇසුරුම්, බාස්කට් යනාදිය විශේෂයෙන්ම ඒවායේ හැඬල හෝ ඒවා අතින් අල්ලන තැන්වල විෂබීජහරණය කරන්න.
නිවසට පැමිණි පසු දෑත් සෝදන්න. එමෙන්ම ඔබ මිලදී ගත් ද්‍රව්‍ය බහාලීමෙන් හෝ ඒවා නිසි තැන්වල තැබීමෙන් පසු ද දෑත් පිරිසුදු කරගන්න. ආහාර හෝ ආහාර ඇසුරුම් කරන ලද ද්‍රව්‍යවලින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත. එහෙත් පිරිසුදු වීමත් පරෙස්සම් වීමත් සියලු දෙනාගේ යහපතට හේතු වේ.