ලෝක කුසලානයේ දිදුලන පාපන්දු තරු



අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය දැන් කටාර් රාජ්‍යයේ දී නගර පහක සත්කාරකත්වය ඇතිව ක්‍රීඩාංගන 8කට දී පාපන්දු ලෝලීනට දැක ගන්නට පුළුවන. මෙම තරඟාවලිය මැදපෙරදිග රටක පැවැත්වෙන්නේ පළමුවන වතාවටය. නොවැම්බර් 20 වැනිදා ඇරඹි මේ තරඟාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවත්වෙයි. මේ සඳහා සකසා ඇති ක්‍රීඩාංගනවලට මැද‍ පෙරදිග ඇති අධික උෂ්ණත්වය සමනය වන ආකාරයට විශේෂ වායුසමීකරණ පද්ධතියක් ද යොදා ඇත. ස්ටේඩියම් 974 නමින් බහාලුම් 974ක් භාවිත කොට තැනූ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රීඩාංගනයක් ද මේ ක්‍රීඩාංගන අතර ඇත.

මෙම තරඟ පැවැත්වෙන්නේ රවුන්ඩ් රොබින් ක්‍රමයටය. එනම් පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයටය. ඒ අනුවකාණ්ඩහයක් යටතේ කණ්ඩායම් 32ක් තරඟ වදිති. පැවත්වෙන මුළු තරඟ ගණන 64කි. අවසාන වටය පැවත්වෙන්නේ කණ්ඩායම් 16ක් අතරය. මේ තරඟනරඹන්නට ලොව දසදෙසින්විවිධ රටවලින් කටාර් රාජ්‍යයට එන මිලියන ගණනක් වන පාපන්දුලෝලීන්ට නවාතැන් සැපයීම සඳහා හෝටලවලට අමතරව සුඛෝපභෝගී මගී නෞකා 9ක් ද එහි ගෙන්වා ඇත.

2022 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ දී සුවිශේෂ සිදුවීම් රැසක් දැනටමත් වාර්තා වී ඇත. දකුණු කො‍රියාව පරදවා ඝානා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ මොහොමඩ් කුද්දුස් ගෝල දෙකක් ලබා ගැනීම ඉන් එකකි. බෲනෝ ෆර්නෑන්ඩස් පෘතුගාලය වෙනුවෙන් ගෝල දෙකක් ලබා ගනිමින් උරුගුවේ පිල පරාජය කිරීම තවත් එකකි. මෙවර තරඟාවලියේ තරඟයකදී පළමු වතාවට ආජෙන්ටිනාව පරදවූ සෞදි පිලේ ක්‍රීඩකයන්ට රොල්ස් රොයිස් රථය බැගින් තෑගි කිරීමටද සෞදි රජකුමරු තීරණය කර ඇත. මෙවර තරඟ සඳහාලොව පුරා ඉන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයන් රැසක් සහභාගි වන බව වාර්තා වී ඇත. ලෝක කුසලාන තරඟවලියකට සහභාගිවීම ලෝකයේ ඕනෑම පාපන්දු ක්‍රීඩකයකුගේ සිහිනයකි. ලොව සිටින සුපිරිම ක්‍රීඩකයන් අතරින් ආබාධ නිසා මෙවර ලෝක කුසලාන තරඟවලියට සහභාගි වීමට නොහැකි වූ අයද කීපදෙනෙකි. මෙහි දැක්වෙන්නේ මෙවර පිටියේ දී දැක ගත හැකි සුපිරිම ක්‍රීඩකයන් කිපදෙනකු පිළිබඳ විස්තරය. එයින් රොනාල්ඩෝ, මෙසී වැනි ක්‍රීඩකයන් මේ අප දකින්නේ අවසාන වතාටය.

රොබට් ලෙවන්ඩොව්ස්කි වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි; මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරඟවලියේ දී පෝලන්තයේ ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරයි. ඔහු සැලකෙන්නේ ලොව අංක එකේ ප්‍රහාරකයකි. පාපන්දුව ස්ථානගත කිරීමේ දී විශේෂ දක්ෂතා පෙන්නුම් කර තිබේ. පන්දුව හැසිරවීමේ තාක්ෂණයෙන් පරිපූර්ණ ඔහු අවසානයේ දී එය ගෝලය වෙත එල්ලකිරීම සාර්ථකව ඉටු කිරීමට හැකියාව ඇත්තෙකි.ඔහු වෘත්තීය වශයෙන් බැඳී ක්‍රියා කරන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයටය. ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම ප්‍රහාරකයා ලෙස හැඳින්වෙන ඔහු ජර්මනියේ බන්ඩෙස්ලීජියා ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයායි. ජර්මනියේ මියුනිච්හී ක්‍රීඩා කරද්දී බන්ඩෙස්ලීජියා සම්මානය අට වතාවක් පිට පිටම දිනා ඇත. රට වෙනුවෙන් හා ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලබා ගෙන ඇති ගෝල ගණන 600කට අධිකය. 2020 වසරේ ලෝක පාපන්දු කිරුළත්, යුරෝපා පාපන්දු කිරුළත් එක විට හිමි කර ගැනීමට සමත් විය.

ලයනල්මෙසී ලොව පතල සුපිරි පාපන්දු තරුවකි. ලෝක ප්‍රකට දියේගෝ මැරඩෝනාගෙන් පසුව ආජෙන්ටිනාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා ඔහුයි.‘ලා පුල්ගා’ (මැක්කා) යන අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන ඔහු ලෝක පාපන්දු සම්මේලනයෙන් ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රිඩකයාට පිරිනැමෙන වාර්ෂික සම්මාන පිට පිට හත් වතාවක් දිනා ඇත. එසේම යුරෝපා පාපන්දු සංගමය හොඳම ක්‍රීඩකයාට පිරිනමන ‘රන් සපත්තුව’ හය වතාවක් දිනා ඇත. වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන් එක දිගට ම ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට පමණක් ක්‍රීඩා කළ මෙසී ඔහුගේ ක්‍රීඩා සමාජය හා සිය මව්රට වූ ආජෙන්ටිනාව වෙනුවෙන් ලබා ඇති ගෝල සංඛ්‍යාව 786කි. වැඩිම අන්තර් ජාතික ගෝල සංඛ්‍යාවක් (90) ලද එකම දකුණු ඇමෙරිකානු ක්‍රීඩකයා ද ඔහුයි. ඔහු මෙවර ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ දී මෙක්සිකෝ පිලට එරෙහිව වෙනුවෙන් ලබා ගත් ගෝලයෙන් ලෝක පාපන්දු කුසලාන තරඟවල දී වැඩිම ගෝල ගණනක් (8) ලබාගෙන මැරඩෝනා තබා තිබූ වාර්තාව සම කිරීමට මෙසී සමත් වුණා. 2022 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ දී මැක්සිකෝවට එරෙහිව ගෝලයක් ලබා ගනිමින් ලයනල් මෙසී ආජෙන්ටිනාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වඩාත් ජනප්‍රිය වටිනාම පාපන්දු ක්‍රීඩකයායි. පෘතුගාලයේ ජාතික පිලට ක්‍රීඩා කරන රොනාල්ඩෝ සිය වෘත්තීය පාපන්දු ජීවිතය දැනට ගත කරන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙනි. පෘතුගාලයේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු මේ වන තෙක් ලබා ඇති ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 100කට අධිකය. මෙවර ලෝක පාපන්දු කුසලාන තරඟාවලි‍යේ දීඝානා රාජ්‍ය පිලට එරෙහිව රොනාල්ඩෝ වාර්තා කළ ගෝලයත් සමඟ ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීය. ඒ ලෝක කුසලාන තරඟාවලීන් 5කට නොකඩවා සහභාගිවෙමින් ගෝල 8ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා වෙමිනි. 2006 දී ලෝක පාපන්දු කුසලාන තරඟාවලියකට සහභාගි වෙමින් ඉරානයට එරෙහිව පළමු ගෝලය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 21කකි. එදා සිට මේ දක්වා වසර හතරකට වරක් පැවැත් වූ සෑම තරඟාවලියකට ම සහභාගි වී ගෝල ලබා ගෙන ඇත. මේ ඔහුගේ දස්කම් දැක ගත හැකි අවසාන තරඟාවලිය වනු ඇත. පාපන්දු ක්‍රීඩාවෙන් වැඩි ම සම්මාන ගණනක් දිනා ගත් ක්‍රීඩකයායි. වෘත්තීය පාපන්දුකරුවකු‍ ලෙස  ලොව වැඩිම තරඟ ගණනාවකට, එනම් තරඟ 1,100කට අධික ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටියි. ලොව ප්‍රධාන පෙළේ තරඟවලින් ගෝල් 800කට අධික ගණනක් ලබා ගෙන ඇත. පාපන්දු ක්‍රීඩකයන් ලොව පුරා ක්‍රීඩා සමාජ අතර මිල දී ගැනීම් සිදුවන අතර රොනාල්‍ඩෝ 2009 දී එදාවටිනාකම පවුම් මිලියන අසූවකි.

කිලියන් එම්බප්පි මෙවර ප්‍රංශයේ ජාතික කණ්ඩායමට ඉදිරිපෙළ ක්‍රීඩකයකු වශයෙන්  ක්‍රීඩා කරන ලෝකයේ ඉන්නා අති දක්ෂ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු වෘත්තීය වශයෙන් ක්‍රීඩා කරන්නේ පී එස් ජී හෙවත් පැරිස් සේන්ට් ජර්මේන් ක්‍රීඩා ඇකඩමියට අයත් ‘ලීගා 1’ පාපන්දු සමාජයටය. ඉතා අඩු වයසෙන්, එනම් 16 හැවිරිදි වියේ දී බ්‍රසීල කණ්ඩායමට එක් වූ පේලේගෙන් පසු ලෝක පාපන්දු තරඟාවලියකට එක් වූ දෙවැනි ලා බාල ම ක්‍රීඩකයාමොහුය. එහිදී ඔහු ඒ අවසාන තරඟයේ දී ගෝලයක් වාර්තා කළේය. එදා ඔහු සහභාගි වූ ප්‍රංශ ජාතික පිල 2018 ලෝක ශුරයෝ වූහ. 2017 ගෝල්ඩන් බෝයි සම්මානයෙන් පසු ඔහු ලෝක පාපන්දු සම්මේලනයෙන් වසරේ හොඳම යව්වන ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගත්තේය. 2021 දී දක්ෂතම ග්ලෝබ් පාපන්දු ක්‍රීඩකයා විය. ඔහු 2022 දී ලොව වැඩිම ගෙවීමක් ලබන පාපන්දු ක්‍රීඩකයා ලෙස ෆෝබ්ස් විසින් නම් කරන ලද්දේ රොනාල්ඩෝ හා මෙසී දෙවැනි තුන්වැනි තැන්වලට පත් කරමිනි.

කෙවින් ද බෘයින් මෙවර බෙල්ජියම් ජාතික පිලට ක්‍රීඩා කරන මැදපෙළ ක්‍රීඩකයෙකි. ඒ අතර ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. ඔහු පරිපූර්ණ ක්‍රීඩකයකු ලෙස හැඳින්වෙන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය ඔහු ලබා ගත්තේ පවුම් මිලියන 54කටය.

වර්ජිල් වැන් ඩ්ජික් නෙදර්ලන්ත ජාතික පිලේ නාකත්වය අසුලයි. මැදපෙළ ක්‍රීඩකයකු වන ඔහු වෘත්තීය වශ‍යෙන් බැඳී සිටින්නේ ලිවර්පූල් කණ්ඩායමටය. පන්දුව ඉහළින් එල්ලයකට යැවීමට විශේෂත්වයක් දක්වයි. ලොව අංක එකේ මැදපෙළ රැකවලකු ලෙස සැලකේ. යුරෝපා සංගමයේ පාපන්දු සම්මේලනයේ වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තෙකි. ලොව සුපිරි ක්‍රීඩකයන් ලෙස කැපී පෙනෙන අනෙක් ක්‍රීඩකයන් ලෙස ඊජිප්තු කණ්ඩායමේ නායක මොහොමඩ් සාලහ්,නෝර්වේ පිලේ අර්ලින් බ්‍රොට් හාලන්ඩ්, සෙනෙගාලයේ සාඩියෝ මේන්, ජපාන පිලේ මායා යොශීදා ආදීන් දැක්විය හැකිය.


RECOMMEND POSTS