ලංකා නාමය බබලවන මැටිල්ඩා



ලංකාවේ ඉපිද මාස තුනෙන් ස්වීඩනයට ගිය ලක් දියණිය ඔලිම්පික්වලදී ලංකා නාමය බැබලවීමේ සුදානමින් සිටින පුවතක් වාර්තා වේ.

මීට තිස් හත් වසරකට පසුව ශ්‍රි ලංකාවේ ඉපදී මාස තුනක් යන්නට මත්තෙන් ස්වීඩනයේ දෙමව්පියන් යුවළක් විසින් දරුකමට හදා වඩා ගත් මැටිල්ඩා කාල්සන්ට '2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල' සඳහා තේරීපත් වුණු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වීමේ සුවිශේෂී පුවත ඉකුත් සතියේ වාර්තා වූයේය.

2020 ඔලිම්පික් උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය හේතුවෙනි. එය මෙම 2021 වසරට කල් ගියේය.

ඇය මෙලෙස සුදුසුකම් ලැබුවේ තුරඟ හරඹ - අසුන් පැන්නීම තරග ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට අදාළ පරිසාධන මට්ටම සලකා බැලීම පිණිස පසුගිය 25 වැනිදා පැවැති තරගයෙන් මැටිල්ඩා අවශ්‍ය පරිසාධන මට්ටමට පැමිණීමට සමත් වී ඇත. ඒ අනුව මැටිල්ඩා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තුරඟ හරඹ - අසුන් පැන්නීමේ තරග සඳහා තෝරාගත් බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉකුත් 28 වැනිදා ශ්‍රී ලංකාවට දැනුම් දී තිබිණි.

මහනුවර උපත ලද මැටිල්ඩා කාල්සන් සහ ඇයගේ චොපින් අශ්වයා මේ අනුව 2021 දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කරනු ඇත. මේ වනවිට මැටිල්ඩා 37 වැනි වියේ පසුවන්නීය. ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වූණා.

"මා හදාවඩා ගත් මව හා පියා දරුවෙකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට ලබා දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට ලබාදුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුනත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුන වැඩුන රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි" මේ මැටිල්ඩාගේ ආඩම්බරකාර වදනකි.

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා නොමැති තත්ත්වයක් තුල දීය.

වසර 1984 දී ඇයට මාස තුනක් වෙද්දී ශ්‍රී ලාංකේය මව්පියන් යුවල ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවලකට දරුකමට හදා ගැනීමට මැටිල්ඩා කාල්සන් ලබාදී ඇති අතර කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ආදරය කරමින් පුහුණුවීම්වල නිරතවීමේ උච්චතම ප්‍රතිඵලය ලැබී ඇත.

මැටිල්ඩා කාල්සන් ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි හැදී වැඩුණු අතර අශ්වාරෝහක වෘත්තිය ආරම්භ කර ඇත්තේ රයිටාර්සෝල්ස් කැප් එරට ක්‍රීඩා සමාජයේදීය. එහිදී මැටිල්ඩා අශ්වයන්ට ඇගේ ආදරය හා කරුණාව දැක්වූ බවත් පසුව එය ක්‍රීඩාවට වර්ධනය කරගත් බවත් සදහන් වේ.

"ශ්‍රී ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වූණා. මා හදාවඩා ගත් මව හා පියා දරුවෙකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට ලබා දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට ලබාදුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුනත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුන වැඩුන රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි" මැටිල්ඩා සදහන් කළාය.

ස්වීඩනයේදී ඔලිම්පික් වරම් ලබාගත්ත ද ඇය ස්වීඩන ජාතික කොඩිය යටතේ ටෝකියෝ ඔලිම්පික් උලෙලට ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා නාමය යටතේ ක්‍රීඩා කරන බව ඹලිම්පික් සංවිධායකයින් වෙත දැනුම්දී තිබිණි.

" ස්වීඩනයේ මගේ ජීවිතය ගොඩ නැග්නත් මා උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හිතා ගත්තා." මැටිල්ඩා කාල්සන් සදහන් කළාය.

''මා ශ්‍රී ලංකාවේ ඉපැදුනත් සැමවිටම ස්වීඩන් ජාතිකයෙක් වගේ ක්‍රියා කළේ. මගේ හදවතේ විශාල කොටසක් සැමවිටම ස්වීඩනයට අයත් වනවා. මොකද මා හැදී වැඩුණේ එතැන. මගේ සියලු දේ ඉගෙන ගත්තේ ස්වීඩනයෙන් කොහොම වුනත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන මා ආඩම්බර වෙනවා'' මැටිල්ඩා පවසා සිටන්නීය.

2017 වසරේදී ඇය අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත්, උපන් රටේ සුන්දරත්වය හා හමු වූ ශ්‍රී ලාංකිකයින්ගේ කරුණාව ආදරය මිහිරි මතකයක් බව ඇය පවසන්නීය. මෙතෙක් පැවැති ඔලිම්පික් ඉතිහාසය පුරා අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූ පළමු පැනීමේ ක්‍රීඩිකාව ලෙස මැටිල්ඩා කාල්සන් දැනටමත් ඉතිහාසයට එක්වී ඇත. ඉතින් ඇය හැබෑම ලක් දියණියක් නොවන්නේද?

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS