රියදුරෙක් නෑ: තනියෙන් යන ට්‍රක් රියක් ඇමෙරිකාවේ



 

රියැදුරන් නැති, පරිසර හැතැති කාර් තව වසර කිහිපයකින් බටහිර රටවල වීදි සැරිසරනවා අපට දකින්න ලැබේවි. කාර් පමණක් නොවේ, රියදුරන් නොමැති බස් රථ පාවා මේ වනවිට යථාර්ථයක් වී අවසන්. දැන් රියැදුරන් නැති ට්‍රක් රථයක් හඳුන්වා දීමට ඇමෙරිකානු සමාගමක් සමත් වී ඇත.


තනිවම යා හැකි මෙම ට්‍රක් රිය නම් කර ඇත්තේ ‘ඔටෝ’ යනුවෙනි. මෙම ට්‍රක් රිය නිර්මාණය කර ඇත්තේ ද ගූගල් තනිවම යා හැකි මෝටර් කාරය නිර්මාණය කළ නිර්මාණකරුවන් වන ඇන්තොනි ලෙවැන්ඩෝව්ස්කී සහ ලියෝර් රොන් දෙදෙනා විසිනි. ඔවුන් වෝල්වෝ සමාගමේ ට්‍රක් රථයක් මෙම කාර්යයට යොදා ගෙන ඇත. පසුගිය දා උතුරු කැලොෆෝනියාවේ හුදෙකලා මාර්ගයකදී ‘ඔටෝ’ ට්‍රක් රිය අත්හදා බැලීමකට ලක් කෙරුණි. එය සාර්ථක විය.


වෝල්වෝ යනු ඇමෙරිකාවේ ට්‍රක් රථ නිර්මාණයේ ප්‍රමුඛතම සමාගමය. ඇන්තොනි ලෙවැන්ඩෝව්ස්කී සහ ලියෝර් රොන් මෙම සමාගමේ ට්‍රක් රථයකට ඔවුන්ගේ විශේෂිත මෘදුකාංගය සවි කර ඇත. ට්‍රක් රිය, ගූගල් මෝටර් රථ සේම තනිවම ගමන් බිමන්වල යෙදෙන්නේ චන්ද්‍රිකා තාන්ෂණය සහ ගෝලීය ස්ථානගත පද්ධති උපයෝගී කර ගනිමිනි. 2017 වසර වෙද්දී, පවතින ඉල්ලුමට අනුව, මෙවැනි ට්‍රක් රථ සිය ගණණක් නිර්මාණයට වෝල්වෝ සමාගම සූදානමින් සිටින බව ලෙවැන්ඩෝව්ස්කී පවසයි.


ඔටෝ ට්‍රක් රිය තනියෙන් ගමන් කරන්නේ ඊට සම්බන්ධ කළ විශේෂිත මෘදුකාංග සහ පරිගණක පද්ධතිය ආධාර කර ගනිමිනි. මඟ සොයා ගැනීමටත්, බාධක මඟ හැර යෑමටත් ඊට සන්වේදක සම්බන්ධ කර තිබේ. අත්හදා බැලීම් යටතේ ඔටෝ ට්‍රන් රිය සැතපුම් 2,20,000 ක දුරක් පහසුවෙන් ධාවනය කෙරුණු බව පැවැසෙයි. මෙවැනි ට්‍රක් රථ යොදා ගත හැක්කේ ප්‍රධාන අධිවේගී මාර්ගවල ගමනාගමන කටයුතු සඳහා පමණක් බවත්, අතුරු මාර්ගවල ගමන් බිමන් කළ නොහැකි බවත් පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS