රාත්‍රීයට පෙනීම ලබා දෙන රසායන දියරයක්
තාවකාලිකව රාත්‍රී කාලයේ පෙනීම ලබා දෙන රසායන දියරයක් නිර්මාණය කිරීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම රසායන දියරය ඇමෙරිකන් හමුදා සොල්දාදුවන්ට සටන් බිමේදී වාසි අත්කර දෙනු ඇතැයි එය නිර්මාණය කළ විද්‍යාඥයෝ කියති. දියරය නිර්මාණය කළේ ද ඇමෙරිකන් සොල්දාදුවන් වෙනුවෙනි.
ඇමෙරිකන් හමුදා සෙබළුන් පමණක් නොව, සෙසු රටවල හමුදා සෙබළුන්ට පවා අඳුරේ පෙනීම ලබා දෙන ඇස් කණ්ණාඩි ලබා දී ඇත. ‘නයිට් විෂන් ගෝගල්ස්’ යනුවෙන් හැඳින්වෙන මෙම කණ්ණාඩි ලොවට අරුමයක් නොවේ. මෙම නව රසායන දියරය නිර්මාණය කිරීමට විද්‍යාඥයන් පෙළඹී ඇත්තේ ඒ නිසාය.
මෙම දියරය නම් ‘ක්ලෝරීන් ඊ6’ යනුවෙනි. ඉන්සියුලීන් සහ සේලයින් මිශ්‍රණයක් මීට ඇතුළත් වේ. අඳුරේදී දැකීමේ හැකියාව ලබා දීමට මෙම දියරයට හැකිවෙයි. විද්‍යාඥයන් මෙම දියරය නිර්මාණය කර ඇත්තේ ගැඹුරු මුහුදේ අඳුරේ ජීවත් වන මසුන්ගේ ඇස්වල ඇති දියර වර්ග පරීක්ෂා කිරීමෙන් යැයි ‘ඬේලිමේල්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
‘ක්ලෝරීන් ඊ6’ දියරය පසුගිය දා අත්හදා බැලුණි. ඒ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු සොල්දාදුවකු යොදා ගනිමිනි. එය සාර්ථක වූ බවත්, එම සොල්දාදුවාට රාත්‍රී කාලයේ පෙනීම ලබා දීමට හැකි වුණු බවත් රසල් පීක් පවසයි. මෙම නව නිර්මාණය පසුපස සිටින විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දෙන්නේ පීක් ය. මෙම විද්‍යාඥයන් කැලිෆෝනියාවේ ‘අයි හෙල්ත් කන්ඩිෂන්’ වෛද්‍ය ආයතනයට සම්බන්ධය. දියරය ඇසට එන්නත් කිරීමෙන් පසු, පැය කිහිපයකට අඳුරේ පෙනීම හිමිවන බව ද පැවැසෙයි.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි