රත්තරන් ලේ



පිරැනීස් (Pyrenees) කඳු වැටිය ඇත්තේ ස්පාඤ්ඤයත්, ප්‍රංශයත් අතර දේශසීමාවේය. ලොවෙන් හුදෙකලා වූ මෙම කඳුකර ප්‍රදේශයේ බාස්ක් (Basque) වැසියෝ ජීවත් වෙයි. බාස්ක් වැසියන් ජීවත් වන මෙම ප්‍රදේශය එසේත් නැතිම් ප්‍රාන්තය වෙනම රටක් වැනිය. එසේ වුවත් එය වෙනම රටක් නොවෙයි; විශාල ප්‍රාන්තයකි.

අතීතයේ පටන් බාස්ක් වැසියන් ඉතිහාසඥයන්ය. මානව විද්‍යාඥයන්ය. ඔවුන්ගේ ජීවිතය සරලය. බාස්ක් වැසියන්ගේ භාෂාව ඔවුන්ට පමණක් ආවේණික වන අතර, එය ලොව කිසිදු වෙනත් භාෂාවකට සමාන නැත. බාස්ක් වැසියන් ද ස්පාඤ්ඤය සහ ප්‍රංශය අයත් යුරෝපා රටවල වැසියන් හා පෙනුමින් සමානය. අසාමාන්‍ය කිසිවක් බාහිරව දකින්න ලැබෙන්නේ නැත. එසේ වුවත් මේ බාස්ක් වැසියන්ගේ සුවිශේෂත්වයක් ඇත.එ විද්‍යාඥයන් මවිතයට පත් කළ සැබැවින්ම අභිරහසකි.

බාස්ක් වැසියන්ගේ අරුමය කියන්න කලින්; අපි ලේ ගැන එසේත් නැතිනම් රුධිරය ගැන කතා කරමු. බැලූ බැල්මටහැමෝගේම ලේ රතු පැහැයක් ගනී. පෙනුමින්, ආගමින්, සංස්කෘතියෙන්, භාෂාවෙන්, ආකල්පවලින් මනුෂ්‍ය වර්ගයා එකිනෙකාට වෙනස් වුවත්, ලේවලින් අප සැවොමසමාන යැයි කියමනක් ඇත. අප හැමෝගේම සිරුරේ දුවන්නේ රතු ලේ යැයි කියයි. ඇත්ත, සිරුරේ දුවන්නේ රතුපැහැති ලේ වුණත් ලේවලට විවිධත්වයක් ඇත.

ලේ හෙවත් රුධිරය නොමැතිව අපේ සිරුරට පැවැත්මක් නැහැ. ලේ වර්ග එසේත් නැතිනම් රුධිර ගණ 8 කි.රුධිර ඝනය තීරණය කරන්නේ සංකීර්ණ ප්‍රෝටීනයක් මගිනි. මේ ප්‍රෝටීනය ඇත්තේ රතු රුධිර සෛලවල පෘෂ්ඨයේය. ප්‍රතිදේහජනක හෙවත් ඇන්ටිජන් (Antigen) යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.‍

ඇන්ටිජන් සුදු රුධිරාණු සමඟ එක් වී කටයුතු කරයි. සිරුරට ඇතුළු වන අහිතකර බැක්ටීරියා සහ වයිරසවලට එරෙහිව සටන් වදී. ආසාදන ඇතිවීම වළක්වයි. එපමණක් නොවෙයි, ඔබේ අනන්‍යතාව වන්නේ ද මෙම ඇන්ටිජන්ය. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඔබව හඳුනා ගන්නේ ඔබේ ඇන්ටිජන් හරහාය. එසේ හඳුනා නොගත්තොත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය බාහිර සතුරකු ලෙස සලකා ඔබේ ඇන්ටිජන්වලට පහරදෙයි.

ඇන්ටිජන් රුධිරය වෙනස් කරන්නේ කෙසේද? රුධිරයේ තිබිය හැකි ඇන්ටිජන් ප්‍රධාන වර්ග දෙකකි. A සහ B යනු ඒවාය. ඇන්ටජන් පැවැතීම සහ නොපැවතීම මතලේ වර්ගීකරණය වෙයි. A සහ B ඇන්ටිජන් දෙකම ලේවල ඇති නම්, ඔබට ඇත්තේ AB රුධිර ගණයයි.A ඇන්ටිජන් පමණක් තිබේ නම්, ඔබේ රුධිර ගණය A ය. B ඇන්ටිජන් පමණක් තිබේ නම්, ඔබේ රුධිර ගණය B ය. ඔබේ ලේවල ඇන්ටිජන් කිසිවක් නැතිනම්, ඔබේ ලේ වර්ගය O(ඕ) ය.

A-, B+, B-, O+, O-, AB+, AB- ආදී වශයෙන් තව දුරටත් රුධිර ගණ වෙන් කෙරේ. මෙය සිදුවන්නේ අමතර ඇන්ටිජන් පිහිටීමක් සැලකිල්ලට ගනිමිනි. RH (ආර්.එච්.) හෙවත් රීසස් Rhesusසාධකය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. අපගේ මේ කතාවට වැදගත් වන්නේ මෙයයි. රීසස් මැකැක් RhesusMacaque යනු ඉන්දියාවේත් ආසියාවේත් දකින්න ලැබෙන වඳුරු විශේෂයකි. මෙම වඳුරන් යොදා ගනිමින් කළ පර්යේෂණවලින් අනාවරණය කරගත් බැවින්, රීසස් Rhesus සාධකය ලෙස ඇන්ටිජන් පිහිටීම නම් කර තිබේ.  RH (ආර්.එච්.) සාධකය රුධිරයේ පවතින්නේ නම්, RH+(ආර්.එච්. පොසිටිව්) වන අතර, RH (ආර්.එච්.) සාධකය රුධිරයේ නොපවතින්නේ නම් RH- (ආර්.එච්. නෙගටිව්) වෙයි. මිහිමත වාසය කරන සියයට 85 කට ඇත්තේRH+රුධිරයයි. රුධිර පාරවිලයනයේ දී කිසිදු ගැටලුවක් නැතිව සුදුසු ගැලපෙන ලේ වර්ගයක් මෙම අයට ලබා ගැනීම කළ හැකිය.

RH- යනු ලොව ඉතාමත් දුර්ලභම රුධිර ගණයයි.මෙය ‘රත්තරන් ලේ’ යනුවෙන් ද හැඳින්වෙයි. ඒ දුර්ලභ නිසාය. ලෝක ජනගහනයෙන් RH- රුධිරය ඇත්තේ ඉතිරි සියයට 15 ට පමණි. RH- අයකුට රුධිර පාරවිලයනයේදී ගැටලු පවතී. RH- අයකුට RH+ රුධිරය පෑහෙන්නේ නැත. එය විස වෙයි. මාරක වෙයි. RH- රුධිරය ඇති කාන්තාවකට RH+ පිරිමියකු සමඟ දරුවකු බිහි කළ නොහැකිය. එසේ කිරීමට යෑම සංකීර්ණ ගැටලු මතුවෙයි.

රුධිර ගණ ගැන සරල අවබෝධයක් ලැබුණා නම්, ආපසු යමු අපේ කතාවට. ලොව වැඩිම RH- රුධිරය ඇති පිරිස (කලින් කී සියයට 15ට අයත්) ජීවත් වන්නේ, පිරැනීස් කඳු වැටිය පිහිටි ස්පාඤ්ඤ, ප්‍රංශ දේශසීමාවේ හුදෙකලා වී ජීවත් වන බාස්ක්වැසියන්අතරේය. හෙය තහවුරු වීමත් සමඟ ප්‍රශ්න රැසක් ඉස්මතු වී තිබේ. බාස්ක් ජනගහනය ගත්තොත්, ඔවුන්ගෙන් සියයට 35 කටRH- රුධිරය ඇත.වෛද්‍ය විද්‍යාවට අනුව දRH- රුධිරය අසාමාන්‍ය රුධිර ගණයකි. වෙනස් වීමක් සිදු නොවන, අනෙක් රුධිර ගණ සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් නොකරන එකම රුධිර ගණය වන්නේ ද මෙයයි.

RH- රුධිර ගණය ඇති අය සුවිශේෂී බවක් දැන් ඔබට වැටහෙනු ඇත. RH- රුධිර ගණය ඇති අයගේ රුධිර පීඩනය ද අසාමාන්‍යය. අනෙක් අයට වඩා පහළ අගයක් ගනී. නාඩි වැටීමේ වේගය ද අඩුය. ඇතැම් පුද්ගලයන්ගේකොදු ඇට පේළියේ වැඩිපුර අසාමාන්‍ය අස්ථියක් ද දකින්න ලැබෙන බව වෛද්‍යවරු පවසති.

RH- රුධිර ගණය ඇති පුද්ගලයන් බිහිවීම සිදුවූයේ ලෝකය ජනාවාස වීමෙන් පසුව යැයි තහවුරු වී ඇති කරුණකි. ඒ, 15 වැනි ශතවර්ෂයෙන් පසුවය. අතීතයේ ඇමෙරිකානු වැසියන් ඇතරේRH- රුධිර ගණය පැවැතියේ නැත. ජීවයේ ආරම්භය සිදුවුණු පරිණාම කතාව ආරම්භ වුණු දකුණු අප්‍රිකාවේ පැවැතියේ නැත. ආසියාවේ පැවැතියේ නැත.RH- රුධිර ගණය දකින්න ලැබීම ආරම්භ වූයේ යුරෝපා කලාපයෙන් පමණි. RH- පැතිර ගියේ යුරෝපයෙනි.

අප සියලු මනුෂ්‍යයන්ගේ ආරම්භය සිදුවූයේ අප්‍රිකාවෙන් බව පොදු පිළිගැනීම නම්, RH- රුධිර ගණය යුරෝපයෙන් ආවේ කෙසේද? අප්‍රිකාවෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ උප සහරාවෙන් බිහිවුණු මානවයන්ගේ පැවැත එන කිසිවකුගේ RH- රුධිර ගණය නැත. ඔවුන්ට ඇත්තේ RH+ පමණි. එසේනම් RH- රුධිර ගණය මනුෂ්‍යයන්ට ආවේ කෙසේද? එය සිදුවූයේ කුමන ආකාරයේ පරිණාමය ක්‍රියාවලියක් යටතේද?

RH- රුධිර ගණය ඇත්තේ සියයට 15 ක් පමණි.එසේ වූයේ කෙසේදැයි හරිහැටි පැහැදිලි කරන්න විද්‍යාඥයන් සමත් වී නැහැ. ඒත් විද්‍යාඥයන් විශ්වාස කරන කරුණක් තිබේ. එනම්, ඔබට RH- රුධිර ගණය තිබෙනවා නම්, ඔබ පරිණාමය වී ඇත්තේ වෙනස් ආකාරයකටය‍.එය ස්වභාවික පරිණාමයේ ප්‍රතිඵලයක්ද?යනුවෙන් ප්‍රශ්න කරන විද්‍යාඥයන් පමණක් නොව, එය සිදුවූයේ පිටසක්වළයන්ගේ මැදිහත්වීමකින් යැයි පවසන විද්‍යාඥයෝ ද වෙති. කෙසේ නමුත් RH- රුධිර ගණය සැබැවින්ම අබිරහසකි.RH- රුධිර ගණය සේම, එම රුධිරය ඇති බාස්ක් වැසියන් ද විද්‍යාවට ප්‍රෙහේලිකාවකි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS