බිහිසුණු දැවැන්තයෙක්: හරේරාසෝරස්
දැවැන්ත ඩයිනසෝරයන් ගැන කතාකරද්දී අපේ සිහියට නැගෙන්නේ ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් සහ ඇලෝසෝරස් වැනි මාංශ භක්ෂක දෙපා ඩයිනරෝසයන්ය. එහෙත්, ටී රෙක්ස් සහ ඇලෝසෝරස් ඩයිනසෝරයන්ට පෙර, ජීවත් වූ ඒ හා සමාන මාංශභක්ෂක ඩයිනසෝරයකු ලෙස සැලකෙන්නේ හරේරාසෝරස් Herrerasaurus ය.
වසර මිලියන 233 කට පෙර, ත්‍රියාසික යුගයේ අවසන් කාලයේ මෙම ඩයිනසෝරයා ජීවත් වූ බව පොසිල සාක්ෂිවලින් අනාවරණය වී ඇත. එපමණක් නොව, ටී රෙක්ස් සහ ඇලෝසෝරස් වැනි විලෝපික ඩයිනෝසෝරයන්ගේ පරිණාමයේ පළමු පියවර ලෙස සැලකෙන්නේ ද හෙරේරාසෝරස්ය. මේ ඩයිනසෝරයාගේ පොසිල හමුවී ඇත්තේ ආජන්ටිනාවේ කළ කැණීම්වලිනි. ශක්තිමත් පාද ඇති මේ ඩයිනසෝරයාගේ දිග මීටර් 6 ක් පමණ යැයි පැවැසෙයි. දියුණු නිය සහ දත් පෙළක් තිබුණු බව ද පැවැසෙයි.
1959 දී ආජන්ටිනාවේ සැන් ජුවාන් අසලදී පළමුවෙන්ම මේ ඩයිනසෝරයාගේ පොසිල අස්ථි සොයා ගනු ලබුවේ එම පළාතේ එඩේරකු විසිනි. ඔහුගේ නම වික්ටෝරීනෝ හැරේරාය. එබැවින්, 1963 දී පොසිල විද්‍යාඥ ඔස්වෙල්ඩෝ රිග්, මෙම ඩයිනසෝරයා හරේරාසෝරස් යනුවෙන් නම් කළේය.
ලයිව් සයන්ස් ඇසුරිනි