කොරෝනා නිසා හුදකලා වූ රාමසාන් මාසය



ශුද්ධවූ මක්කම නොහොත් ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ගේ සිද්ධස්තානය පිහිටියේ සෞදි අරාබියේය.මුස්ලිම් භක්තිකයන්ගේ උපවාස මාසය නොහොත් රාමසාන් මාසය අතීතයේ සිට පැවත එන ආගමික සංහිදියාව තුලින් සහෝදරත්වය සමානාත්මතාවය මත පදනම්වූ සංයමයෙන් ජිවත් වෙන කාලයකි. 

භක්තිමත්ව උණුසුම් අන්දමින් සහ උද්යෝගයෙන් සමරන  රාමසාන් උපවාස මාසයේ අසිරිය සෞදි අරාබිය පුරාවට දැක ගතහැකි වන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට  දහස් ගණනකට  ආහාරපාන ගතහැකි මුස්ලිම් භක්තිකයින්ගෙන් ගහන  දැවැන්ත කුඩාරම් සහිත මනස්කාන්ත දසුනකි.සෞදි අරාබියේ වෙසෙන දෙස් විදෙස් සියලු පුරවැසියන් රාමසාන් මාසය තුල දිවි ගෙවනුයේද එයට අනුගත වෙමින් සහජීවනය,සන්හිදියාම මුල් කරගෙන වීම විශේෂත්වයකි.

ස්ලාම් බැතිමතුන් විසින් වාර්ෂිකව සමරන රාමසාන් මාසය තුල විවිද ස්ලාමික්  සංවිධාන,වෙළද ප්‍රජාව සමගින් පෞත්ගලික දාන පතියන් විසින් තම ශ්‍රමය සහ ධනය කැප කරමින් පරිත්‍යාගශීලීව ආහාර පානාදියෙන් සංග්‍රහ කරනුයේ අති දැවැන්ත කුඩාරම් වෙත උපවාසය නිම කිරීමට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස වෙනුවෙනි.

කාලයා සමගින් සියල්ල උඩු යටිකුරු කරමින් කොවිඩ් 19 වයිරසය මගින් රාමසාන් උපවාස මාසයද වෙනස් කර ඇති බවක් දක්නට ලැබෙන්නේ වෙනදා මෙන් රාමසාන් මාසය තුල මගතොටෙහි කිසිවෙකුත් නොමැති වීමත් පසුගිය වසරේ මෙන් දැවැන්ත කුඩාරම් සෞදි අරාබිය තුල කිසිදු ප්‍රදේශයක දකින්නට නොලැබීත් පාලුවට ගිය මංමාවත් සමගය. කොවිඩ් 19ගෝලීය වසන්ගතයත්  සමග හුදකලාවූ රාමසාන් මාසය ගතකල යුතු ආකාරය පිලිබදව සෞදි රජය විසින් සියලු පුරවසියන් නිරන්තරයෙන් දැනුම්වත් කරණ අතර කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීම සදහා පනවා ඇති ඇදිරි නිති කාලයද සැලකිල්ලට ගෙන උපවාස කාලය තුල නිවසේ සිටම රාමසාන්  සමරන ලෙස නිවේදනයක් මගින්ද දන්වා සිටි.

වෙනදා මෙන් මෙවර රාමසාන් මාසය තුල විවිද වර්ගයේ විවිද ආහාර පාන අලෙවි කරන භෝජන හෝ අවන්හල මහාමාර්ග දෙපස හෝ අනිකුත් ප්‍රදේශ වල දක්නට නැත මුස්ලිම් දේවස්ථාන තුල එකරැස් වීම් හෝ යාඤ කිරීම් දක්නට නොමැති අතර විවිද ස්ථානවල ආහාරපාන සංග්‍රහ කිරීමද දක්නට නැත.කොවිඩ් 19 සියල්ල සිමා කරමින් තහංචි පනවා ඇති සේය.කෙසේ වුවදසෞදි රජය විසින්මෙම මාසය තුල යම්යම් නීති ලිහිල් කරමින් තම ආහාර පාන සහ අනිකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඉඩ ලබා දීමට කටයුතු කිරීම පැසසුම් කල යුතුය.

විශේෂයෙන්ම සෞදි අරාබියානු රජය විසින් කිසිවෙකුටත් පිඩා නොවන අයුරින් තම රටෙත් විදෙස් පුරවසියනුත් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස සියලු ආරක්ෂක ක්‍රමවේදයන් උපයෝගී කරමින් ලබාදෙන අනුග්‍රාහකත්වය සහ දායකත්වය සියලු පුරවැසියන් අගය කල යුතු අතරම කොරෝනා මැද පැවැත්වීම සදහා පුරවැසියන් ලෙස ඉටු කලයුතු වගකීම මැනවින් ඉටු කිරීම අපගේ යුතුකමකි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි

RECOMMEND POSTS