කොරෝනා කොයිබටද?



කොවිඩ් 19 නව කොරෝනා වයිරස් ආසාදනයෙන් ගෝලීය වශයෙන් මෙතෙක් පිඩා විදින සංඛ්‍යාව ලක්ෂ විසි  නොපහකට අඩු වුවද ඉතා කෙටි කලක් තුලදී ඉදිරි කාලයේදී කුමන තත්වයකට හෝ කොපමණ ප්‍රමාණයකට මරණය උරුම කරදෙයිද යන ප්‍රශ්නයට ලෝක බලවතුන් යයි කියා ගත් කිසිවෙකුටත් අනුමාන කල හැකිද යන්න ප්‍රශ්නයකි.

මේ වන විටත් ලක්ෂය ඉක්මවා මරනයට පත්වී ඇති ලෝක ප්‍රජාව වෙනුවෙන් මෙතෙක් කිසිවෙකුත් වග නොකියන අතරම එහි වගකිව යුත්තා කවුරුන්ද යන්න කිසිදු ලෝක බලවතෙකුට තබා කිසිදු විද්වතෙකුට පුළුවන් කමක් වී නැත.

අභ්‍යවකාශ තරඟයෙන් සද ජය ගත්තායි පවසන ලෝක බලවතුන් න්යාස්ටික බෝම්බයෙන් හෝ පරමාණුක බෝම්බයෙන් මිනිසුන් කොටි ගණන් මරණයට පත් කරමින්, ආලෝක වර්ෂ දස දහස් ගණනින් ක්සිත්ජය පුරා සැරිසරමින් මිනිස් වාසභූමි සොයමින් එසේත් නැත්නම් ජීවින් සෝයමින් කොටි ප්‍රකෝටි ගණනින් ඩොලර් වියදම් කරන බටහිර අධිරාජ්‍යවාදීන් මෙම ව්‍යසනය හමුවේ මුනුවත රකින්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයකි.

විසි වෙනි සත වර්ෂයේ ගෝලීය වසංගතයක් ලෙස මුළු මහත් පෘතුවි තලයම සිද බිද ලමින් ජාති,කුල ,ආගම් භේදයකින් තොරව හමායන මහා ගිනි ජාලාවක් මෙන් ව්‍යාප්ත වෙමින් පැතිරෙන මේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මේ වන විටත් රැල්ලට අසුවූ මි පැටියෙක් ලෙස විනාශ වෙමින් ඇති භයානක කොරෝනා රකුසාට බිලිවෙමින් පවතින අතර අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරමින්  විශ්වයේ මන්දාකිනි පුරා සරි සරණ ලෝක බලවතුන් යයි කියා ගත් පිරිසද අද අසරණ වී ඇති බව මොනවට පැහැදිලි වේ.

මධ්‍යම ආසියාවේ වුහාන් නගරය කේන්ද්‍ර කොට ගනිමින් ව්‍යාප්ත වූ මෙම මාරාන්තික ගෝලීය වසංගතය ආසියාව,යුරෝපය අප්‍රිකාව ඇමරිකා ආදී සියලු මහාධ්දීප ගිලගනිමින් කර ඇති මහා විනාශයය ආර්ථිකමය ,සමාජීය සහ මිනිස් වර්ගයා වෙතම එල්ලවූයේ මිනිසා විසින්ම කරන ලද විනාශයට දඩුවමක් ලෙස යයි සිතීමට පවා මිනිසුන් පෙළබි ඇති බවක් දැක ගන්නට ඇත.

විශේෂයෙන්ම මිනිසා විසින් මිනිසාගේ බුධ්දිය උපයෝගී කරමින් කරන ලද අවි ආයුධ නිපදවීම අවිවෙන් මිනිසුන් විනාශ කිරීම් යුධ සහ නියස්ටික  අවි භාවිතාව වෘක්ශ ලතා සහ වන සතුන් සිවුපාවන් විනාශ කිරීම් ජාති භේද වර්ග භේද සහ ආගම් භේද එකිනෙකා පරයා අනෙකෙකු නැගී සිටීම වංචාව සොරකම වැනි ක්‍රියාකාරකම් සදහා ස්භාවධර්මය හෝ අත්භූත බලවේගයක්  විසින් දෙන ලද දඩුවමක් නොවේදැයි කිසිවෙකුටත් බැහැර කල හැකිද.

අද වන විට ලෝකය පුරා සියලු කර්මාන්ත කරණය ගමනාගමනය,පාසල් පද්දති,සෞඛ්‍ය සේවා,වෙළද ව්‍යාපාර,කෘෂි නිෂ්පාදන ඇතුළු සියලු කටයුතු අනහිටින තත්වයකට පත්ව ඇත්තේ ස්භාවධර්මයා විසින් මිනිසාට දුන් දඩුවමක් නොවේද?විශේෂයෙන්ම ලෝකයේ විවිද රටවල රාජ්‍ය නායක නායිකාවන් පවා ගොදුරක් බවට පත්කරමින් හබා යන මේ කේදවාචකයට ඔවුනොවුන් විසින්ම කරන්නට යෙදුන ක්‍රියාන්විතවල ප්‍රතිපල ලෙස පල විපාක නොවේ යයි කිව නොහැකිද?

1818 වර්ෂ වල යුරෝපය තුල හට ගත් මෙවැනිම භයානක වයිරස් ඛේදවාචකය තුලින් හටගත් මිනිස් සංහාරය තුලින් මතුවූ ආර්ථික සහ සමාජීය විනාශය මෙන්ම මිනිස් සංහාරය නැවත නගා සිටුවීමට වසර සියයක් යන්නටත් පෙර ඇතිවූ මෙම ජනසහ ආර්ථික  විනාශය පිලිබදව ලෝක බලවතුන් වහා ක්‍රියාමාර්ග ගතයුතු කාලය එලබ ඇති බවක් නොපෙනේද?

කෙසේ වුවද මෙම ගෝලීය වසංගතය මගින් පෘතුවි තලයේ වාසය කරන සියලු මිනිස් වර්ගයා වෙත දෙනු ලබන භයානක පණිවිඩය පිළිබදවද සැලකිලිමත් විය යුතු බව මාගේ හැගීමයි.

එකිනෙකා අභිබවා කෙරෙමින් පවතින යුධ සහ න්යාස්ටික අභ්‍යාස,භයානක අවි නිෂ්පාදනය,පරමාණුක අවි සහ රසායනික අවි,ඇතුළු සියලුම ආයුධ පෘතුවි තලයෙන් අතුග දැමීම,වන විනාශය සහ වනාන්තර ආශ්‍රිත වන සතුන් දඩයම මරා දැමීම,වහා තහනම් කල යුතුව ඇති අතර  ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී, එකිනෙකා කුලල් කමින් කරන අපරාද,මහජන දේපල අයුතු පරිහරණය,වංචාව,රාජ්‍ය පොදු දේපල අයුතු ලෙස පරිහරණය,රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීම,දේශපාලන පළිගැනීම් ආදී මෙකි නොකී සියලු කරුණු කරුණු වලින් වෙන්ව සහජීවනය තුලින් ප්‍රතිසංස්කරණය කල යුතු බව සියලු රටවල නායකයින් මෙන්ම සියලු  පුරවැසියන් තෙරුම් ගතයුතු කාලය එලබ ඇත.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට ලියයි

RECOMMEND POSTS