ඔලිම්පික් උලෙළ අස්සේ කරළියට ආ අලුත් කාර් එක
රියෝ ගිම්හාන ඔලිම්පික් උලෙළ අතරතුරේ බොහෝ දේ සිදුවිය. ‘ලීෆ්’ කාරය ලොවට හඳුන්වා දුන් ලෝ සුපතල ජපන් ‘නිසාන්’ මෝටර් රථ සමාගම ඔවුන්ගේ නවතම ‘ලීෆ්’ විදුලි මෝටර් කාරය ද එළිදැක්වීමට රියෝ ඔලිම්පික් උලෙළ තෝරා ගෙන තිබුණි. ඔලිම්පික් උලෙළට පැමිණ සිටි සම්භාවණීය අමුත්තන් එහෙමෙහෙ ගෙන යෑම සිදුවූයේ මෙම නවතම ‘ලීෆ්’ මෝටර් රථයයි.
පරිසර හිතකාමී මෙම ලීෆ් මෝටර් රථයට ඉන්ධන බිංදුවක්වත් යොදා ගැනෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ අපේ රටේ පවා අප දකින ‘ලීෆ්’ කාර් මෙන් නොව, මෙය අනාගතයට සුදුසු ලෙස රේසිං කාරයක් ආකාරයෙන් නිර්මාණය කරන ලද්දකි. සිත් ඇදගන්නා සුළු නිමාවකින් මෙය නිර්මාණය කර තිබීම නිසා, වැඩි වැඩියෙන් ලීෆ් කාර් භාවිතයට ලෝකවාසීන් පුරුදු වේවි යැයි නිසාන් සමාගම පවසයි.
මෙම නවතම මෝටර් කාරයට යොදා ඇත්තේ මොඩියුල 5 ලිතියම් අයන් බැටරි කට්ටලයකි. තත්ත්පර පහකදී පැයට සැතපුම් 62 ක වේගයක් ලබා ගැනීමට මෙම නව මෝටර් කාරයට හැකි බව පැවැසෙයි. රියෝ ඔලිම්පික් උලෙළට සහභාගී වූ සම්භාවණීය අමුත්තන් පවා මෙම කාරය ගැන බොහෙවින් පැසැසුමට ලක් වුණු බව ද වාර්තා වේ. මෙම කාරයේ ගමන් කළ හැක්කේ රියැදුරු සමඟ තවත් දෙදෙනකුට පමණයි. ඒ මෙය රේසිං කාරයක් ලෙස නිර්මාණය කර තිබීම නිසාය.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි