ෆැරෝ දූපත් රාජ්‍යයේ කාන්තා හිඟයක්
‘ෆැරෝ’ නමැති කුඩා දූපත් රාජ්‍යයේ කාන්තා හිඟයක් පවතින හෙයින් දූපතේ පිරිමින්, බිරින්දෑවරුන් ලෙස තායිලන්තය පිලිපීනය ආදී රටවලින් කාන්තාවන් කැන්දාගෙන එන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව මේ වනවිට, ෆැරෝ දූපත්වල වෙසෙන සුදු ජාතික තරුණයන් සමඟ විවාහ වූ 300 කට වැඩි තායිලන්ත සහ පිලිපීන ජාතික කතුන් ෆැරෝ දූපත් සමූහයේ පදිංචිකාරියන් වී අවසන්ය.
ෆැරෝ දූපතේ කාන්තාවන් හිඟවී ඇත්තේ, ඔවුන්ගෙන් බොහෝ දෙනා විදෙස් අධ්‍යාපනය සඳහා බටහිර රටවලට ගොස් ආපසු නොපැමිණීමය.
ෆැරෝ දූපත් පිරිමින් සහකාරියන් ලෙස තායිලන්ත සහ පිලිපීන තරුණියන් තෝරා ගෙන ඇත්තේ අන්තර් ජාල ඔස්සේ සමාජ ජාල සේවා මගින් සම්බන්ධ වීමෙන් පසුව යැයි ද බී.බී.සී. පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී.
ෆැරෝ දූපත් රාජ්‍යය ඩෙන්මාර්ක රාජ්‍යයේ ද කොටසකි. යමහල් නිසා නිර්මාණය වුණු දූපත් 18 කින් දූපත් රාජ්‍යය නිර්මාණය වී ඇත. දූපත් පිහිටා ඇත්තේ අයිස්ලන්තය සහ නෝර්වේ රාජ්‍ය අතර උතුරු අත්ලාන්තික් මුහුදේය.
දූපත් එකිනෙකට සම්බන්ධ වෙන්නේ උමං මාර්ග සහ මගී පාරු මගිනි. 2015 ලෝක බැංකු වාර්තා අනුව ෆෙරෝ දූපත්හි ජනගහනය 48,199 කි. නිල භාෂා වන්නේ ෆැරෝස් සහ ඩෙන්මාර්කය. අගනුවර ටොර්ෂ්වාන්ය.
(බී.බී.සී.)