විශ්වයේ වටිනාකමින් වැඩි ම දේ



විශ්වයේ වටිනාකමින් වැඩි ම දේ ලෙස සැලකෙන්නේ ප්‍රතිපදාර්ථ Antimatter ය.

මේවායේ වටිනාකම කොපමණද යත් දැනට පවතින තාක්ෂණය යටතේ නිපදවන ප්‍රතිපදාර්ථ ග්‍රෑම් 1 ක නිෂ්පාදන වියදම පමණක් ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 63ක් පමණය. එනම්, මිලි ග්‍රෑම් 1 ක් ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ණය සියල්ලම ගෙවා නිම කිරීමට ප්‍රමාණවත්ය.

ප්‍රතිපදාර්ථ මෙතරම් මිලකින් යුතු වන්නේ නිෂ්පාදනයටත් ගබඩා කිරීමටත් අධික බලශක්ති වියදමක් වැය වීමයි. මේවා ස්වාභාවිකව ලෝකයේ දක්නට නොලැබෙන තරම් ය. 

මෙම ප්‍රතිපදාර්ථ මේ වන තෙක් නිර්මාණය කර ඇත්තේ පියවි ඇසට නොපෙනෙන තරම් ඉතාම අඩු ප්‍රමාණයක් ය. ප්‍රතිපදාර්ථ යනු මාරන්තික රෝග හඳුනා ගැනීමට ඉවහල් වේ. කෙසේ නමුත් මෙම ප්‍රතිපදාර්ථ නිර්මාණයට සහ ගබඩා කිරීමට ඇති අපහසුවත් නිසා මින් ලබා ගැනීමට හැකි ප්‍රයෝජන සීමා වී ඇත. අද වන විට ප්‍රතිපදාර්ථ යනු ලෝකයේ ලොකුම අභිරහස් වලින් එකකි.

පවිත්‍රා දේශානි
Live Science ඇසුරිනි


RECOMMEND POSTS