රිය අනතුරු වළකන ග්රැහැම්
රිය අනතුරු වළකන ග්රැහැම්
මේ අසාමාන්‍ය සත්වයා සැබෑවක් නොවෙයි. මෙය පරිගණක නිර්මාණය කළ මානවයෙකි. ‘ග්රැහැම්’ යනුවෙන් නම් කළ මෙම මිනිසා, ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් විසින් ‘රිය අනතුරු වැළැක්වීම’ යන තේමාව යටතේ නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව, විරූපී විකෘති පෙනුමක් ඇති ‘ග්රැහැම්’ දෙන පණිවුඩය, ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට පමණක් නොව, මුළු මහත් ලෝක වාසීන්ටම වැදගත්ය. එම පණිවුඩය නම්, ‘රිය අනතුරු වළක්වන්න බැරි නම්, අනාගතයේ දී මිනිසා මේ අයුරින් පරිණාමය වීමට සිදුවේවි’ යන්නය.
නවීන මෝටර් රථ දිනෙන් දින මාර්ගවල දකින්න ලැබේ. අනාගතයේ දිනෙක පරිසර හිතකාමී, රියැදුරන් නැති මෝටර් රථ පවා මාර්ගවලට පැමිණෙනු ඇත. කොතරම් දියුණු තාක්ෂණයෙන් මෝටර් රථ එළිදැක්වුවත්, ආරක්ෂාවට මුල් තැන දුන්නත්, රිය අනතුරුවල අඩුවක් දකින්න නොලැබෙයි. ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ද තත්ත්වය එයයි. ඒ අනුව, නවීන මෝටර් රථ හඳුන්වා දෙන රූපවාහිනී දැන්වීමක් ආකාරයට, ‘ග්රැහැම්’ හඳුන්වා දෙමින්, රිය අනතුරු වළක්වා ගැනීම ගැන මොහොතක් සිතන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය ඉල්ලා සිටී.
රිය අනතුරුවලදී රියේ සිටින රියැදුරු ඇතුළු පිරිස බේරා ගැනීමට මෝටර් රථ නිෂ්පාදකයන්ට නොහැකි වන්නේ නම් අනාගතයේ මිනිසාගේ පරිණාමය සිදුවන්නේ කෙසේදැයි ‘ග්රැහැම්’ ගෙන් පිළිඹිබු වන්නේ යැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය වැඩි දුරටත් කියයි. ‘ග්රැහැම්’ගේ ප්‍රධාන නිර්මාණකාරිය වන්නේ ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර මූර්ති ශිල්පිනී පැටී්රෂියා පිසීනීනීය.
පැටී්රෂියා විසින් ග්රැහැම් නිර්මාණය කරනු ලැබුවේ කොතරම් දරුණු රිය අනතුරකට ලක් වුවත්, අනතුරක් නොවන ලෙසටය. ඒ, ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටියන් කෙන්ෆීල්ඞ් සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයකු වන ඬේවිඞ් ලෝගන්ගේ උපදෙස් අනුවය. අධිවේගී රිය අනතුරකදී තුවාල නොලබා බේරීමට ග්‍රැහැම්ට ලබා දී ඇත්තේ ලොකු ඉදිමුණු හිසකි. ඔහුට බෙල්ලක් නොමැත. සාමාන්‍යයෙන් අනතුරකදී බෙල්ලට හානි සිදුවෙයි. ග්‍රැහැම්ට එසේ වන්නේ නැත. ග්‍රැහැම්ගේ ඉල ඇට සහ පපුව පිම්ඹී ඇත. ඒ, ‘එයාර් බෑගයක්’ හා සමානවය. ඉළ ඇට කූඩුව ශක්තිමත්ය. ඒ අනුව, පෙනහළු හෝ හෘදයට හෝ සිදුවන හානිය අවම වෙයි.
ග්‍රැහැම්ගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔහුගේ පාද ශක්තිමත් වීමය. ඒවා අසාමාන්‍යය. කැංගරුවකුගේ පාද හා සමානය. ඉදිරියට වාහනයක් පැමිණෙන්නේ නම්, ඉවතට පැන බේරීමට එම ශක්තිමත් පාද ඔහුට උදව්වක් වනු ඇතැයි පැවැසෙයි. දණහිස් පහසුවෙන් නැවෙන සුළුය. අනතුරකදී පාද ඉවතට ගැනීමට ද එය පහසුවක් වෙයි. ග්‍රැහැම්ගේ සම ඝණකම්ය. ඔහුගේ මුහුණේ ඇස් සහ නාසය ගිලී පවතින්නේ, ඒවායේ ආරක්ෂාව වෙනුවෙනි.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි