චීනයේ රොබෝ පාපන්දු

චීනයේ බීජිං නුවර, පසුගිය දා පාපන්දු තරගයක් පැවැත්විණි. එය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගත් කෘත්‍රිම බුද්ධි රොබෝ පාපන්දු තරගයකි. ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගනිමින්, චීනයේ පැවැත්වුණු පළමු පාපන්දු තරගය මෙයයි. පාපන්දු තරගයේ විශේෂත්වය වන්නේ රොබෝවරුන් සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධිය මගින් පාලනය වීමය. මිනිස් මැදිහත්වීමකින් තොරව ඔවුන්ට පන්දුව හඳුනා ගැනීමටත්, පිටිය වටා ගමන් කිරීමටත්, උපාය මාර්ග භාවිතා කිරීමටත් හැකි විය.
එක් කණ්ඩායමකට රොබෝවරු තිදෙනකු ලෙස පැවැත්වුණු මෙම තරගයට විශ්වවිද්‍යාල කණ්ඩායම් කිහිපයක් සහභාගී විය. අවසන් තරගයේදී සිංග්හුවා විශ්වවිද්‍යාලයේ ටී.එච්.යූ. රොබොටික්ස් කණ්ඩායම, චීන කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ, මවුන්ටන් සී කණ්ඩායම 5-3 ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තේය.
පසුගිය ජූනි 28 වැනිදා පැවැත්වුණු මෙම තරගය එලැඹෙන අගෝස්තු මාසයෙ බීජං අගනුවර පැවැත්වීමට නියමිත ගෝලීය මානවරූපී රොබෝ තරගාවලිය සඳහා පෙරහුරුවක් විය. රොබෝ විද්‍යාව සහ කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ දියුණු කිරීම සහ රොබෝවරුන්ගේ සමබරතාවය, කඩිසර බව සහ ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් තීරණ ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
බීබීසී ඇසුරිනි

