චීනයෙන් රොබෝ දෙවඟනක්
රොබෝ තාක්ෂණයට වඩාත් ප්‍රසිද්ධ ජපානයයි. මේ වනවිට ජපානයේ මානවරූපී (මිනිසා වගේ) රොබෝවකු එරට උසස් පාසලක සිසුන් සහ සිසුවියන් සමඟ අධ්‍යාපනය ලබන බව ද වාර්තා වේ. ‘පෙපර්’ යනුවෙන් හැඳින්වෙන එම රොබෝ නිර්මාණය කළේ ‘සොෆ්ට්බෑන්ක් රොබොටික්ස්’ රොබෝ නිර්මාණ තාක්ෂණ ආයතනයයි. ජපානයට අභියෝගයක් වෙමින්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මේ වනවිට සුරූපී රොබෝවරියන් නිර්මාණයට අත ගසා ඇත.
ජියා ජියා යනුවෙන් නම් කළ එම රොබෝ සුරූපිනිය දකිනු ඕනෑම කෙනකු ඇය රොබෝවකු යැයි එකවර සිතෙන්නේ නැත. ඇය පෙනුමින් සැබෑ යුවතියකි. මෙම මානවරූපී ‘සයිබෝර්ග්’ රොබෝ සුරූපිනිය නිර්මාණය කළේ චීනයේ විද්‍යා සහ තාක්ෂණ සරසවියේ රොබෝ නිර්මාණ ශිල්පී චෙන් සියෝපින් ප්රමුඛ කණ්ඩායමය.
ජියා ජියා මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කෙරුණේ ඉකුත් දා චීනයේ අන්හුයි පළාතේ හෙෆියි නුවරදීය. චෙන් සියෝපින් විසින් ජියා ජියා මාධ්‍ය ඉදිරියේ හඳුන්වා දෙනු ලැබුවේ ‘රොබෝ දෙවඟන’ යන නමිනි.
ඇසිපිය හෙළීමට, කතා කිරීමට, සිහනසීමට පමණක් නොව, තරහ ගොස් මුහුණ රතු කර ගැකීමට ද ඇයට හැකිය. ප්‍රශ්න ඇසුවොත් පිළිතුරු දීමට ද පුළුවනි. සැබෑ කාන්තාවක ලෙස චීනය නිර්මාණය කළ පළමු රොබෝවරිය ජියා ජියා නොවේ. මීට පෙර චීනය නිර්මාණය කළ මෝමෝ නමැති රොබෝ ද සැබෑ යුවතියක මෙනි. ඊට අමතරව සුරූපී හොලිවුඞ් නිළිය ස්කාලට් ජොහැන්සන්ගේ මෙන් පෙනුමැති රොබෝවරියක් ද චීනයෙන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි