සෞදි අරාබියේ දමාම් සීත ඍතු අභියෝගතා කුසලානය කෝල්ස් කණ්ඩායමට....



 

සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරන ලද සීත ඍතු අභියෝගතා කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගාවලියක් පැවැත්විණ.


ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් පමණක් සැදුම්ලත් මෙම මහා ක්‍රිකට් තරගාවලිය සදහා නැගෙනහිර පළාතේ ක්‍රීඩා කණ්ඩායම් 24 ක් සහබාගි වූ අතර අර්ධ අවසන් පුරවා තරගයෙන් A කාණ්ඩයෙන් ලයන්ස් සීසී සහ ෆයිටස් A කණ්ඩායම තරග වැදීමෙන් ජයග්‍රහණය ලබාගත් ලයන්ස්  සීසි කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.Bකාණ්ඩය යටතේ තරග වැදුණු කෝල්ස් කණ්ඩායම සහ කැන්ඩි ඉලවන්ස් කණ්ඩායම තරග වැදීමෙන් කෝල්ස් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගැනීමෙන් අර්ධ අවසන් තරගය සදහා සුදුසුකම් ලැබුහ.


අනතුරුව ශේක්ගේ නායකත්වයෙන් යුත් ලයන්ස් සිසි කණ්ඩායම සහ අලිගේ නායකත්වයෙන් යුත් කෝල්ස් කණ්ඩායම කාසියේ වාසිය උරගා බැලීමෙන් ශේක්ගේ නායකත්වයෙන් හෙබි ලයන්ස් සිසි කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්තාව උදාවූ අතර ඕවර තුනක් තුලදී දෙදෙනෙකු පමණක් දැවී ලකුණු තිස්දෙකක් ලබා ගන්නා ලදී. මෙම ලකුණු තිස්දෙක තුල රිෂාඩ් විසින් හයේ පහර එකක් හා හතරේ පහරවල් දෙකක් සමග ලබා ගන්නා ලද ලකුණු 16 අගනා මෙහෙවරක් ඉටු කරන ලද අතර  කෝල්ස් කණ්ඩායමේ නුවන් සහ සංජිව විසින් කඩොලු එක බැගින් ලබා ගනිමින් පිටියේ දස්කම් පෙන්වන ලදී.


ජයග්‍රහණය සදහා ඕවර් තුනක් ඇතුලත ලකුණු තිස්තුනක අභියෝගය හමුවේ කෝල්ස් කණ්ඩායමේ හම්සා සහ බඩි යන ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර හම්සා විසින් ලබාගත් හතරේ පහරවල් 3 ක් ඇතුළු ලකුණු 16 කෝල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සදහා මහත් පිටිවහලක් විය.මේ අනුව ඕවර දෙකක් සහ පන්දු හතරකින් තම කණ්ඩායමේ ජයග්‍රහණය  සදහා වන ලකුණු 33 පහසුවෙන් පසු කරමින් මුළු තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී.


ලකුණු ලබා ගැනීමේදී ලයන්ස් සිසි කණ්ඩායමේ මොහොමඩ් ෆායිම් විසින් එක කඩුල්ලක් ලබා ගන්නා ලදී.


දිවා රාත්‍රී තරගාවලියක්වූ මෙම තරගාවලියේ දෙසැම්බර් තුන් වැනි දින අලුයම එක පසුවෙද්දී ත්‍යාග සහ කුසලාන පිරිනැමීම සිදුවුයේ ශ්‍රී ලාංකික ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සෞදි අරාබියේ රැකියාව කරන ඉංජිනේරු කේ කේ රවී මහතා අතිනි.


තරගාවලියේ අනු ශුරතාවය ලබාගත් ලයන්ස් සිසි කණ්ඩායම විසින් මුදල් ත්‍යයාග සහ අනුශුරතා  කුසලානය ලබා ගත් අතර සමස්ත තරගාවලියේ ශුරතාවය ලබාගත් කෝල්ස් කණ්ඩායම විසින් මුදල් සහ සුරතා කුසලානය කේ කේ රවී මහතාගේ සුරතින් ලබා ගන්නා ලදී.තරගාවලියේ ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස කෝල්ස් කණ්ඩායමේ අම්සා විසිනුත් හොදම පන්දු යවන්නා ලෙස ලයන්ස් සිසි කණ්ඩායමේ ෆාහිම් විසිනුත් හොදම පිති කරුවා ලෙස ලයන්ස් සිසි කණ්ඩායමේ රිෂාඩ් විසිනුත් කුසලාන සහ සහතික පත් හිමි කර ගන්නා ලදී.


මෙම තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලංකා බැංකුව විසින්ද සම අනුග්‍රාහකත්වය ගෝල්ඩන් ඩිසයින්,ආයාදී මීඩියා සහ පීසී වොර්ල්ඩ් වයිඩ්  කාර්ගෝ ආයතන විසින්ද  මිඩියා අනුග්‍රාහකත්වය ලංකාදීප සහ ශ්‍රී ටීවී විසින් සපයා තිබිණ.

 
ලලිත් ප්‍රේමලාල් දමාම් සිට. 


RECOMMEND POSTS