සජබ යුරෝපා සංචාරය



සමගි ජන බලවේගයේ ජාත්‍යයන්තර කමිටු පිහිටුවීම හා එහි සමාජිකත්ව ප්‍රවර්ධනය සඳහා සංවිධානය කළ යුරෝපා සංචාරයක් අතරතුර ප්‍රංශයේ පැරිස් නුවර කළාප අංක18 හීිදී ඔක්තෝම්බර් මස 1 වෙනි සෙනසුරදාා සවස 06ට රැස්වීමක් පැවැත්වීමට සංවිධානය කොට ඇත්තේ ය.

ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බන්ඩාර, ස.ජ.බ මේහෙයුම් ප්‍රධානී නලින් බන්ඩාර, ස.ජ.බ නියෝජ්‍ය සභාපති ජේසී අලවතුවල, ස.ජ.බ සමලේකම් හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත රැස්වීමට සහභාගිවීමට නියමිතය.

ඉන් අනතුරුව එංගලන්තය, ජර්මනිය යන රටවල ද මෙම සංවිධාන පිහිටුවීමේ ඉහත ක්‍රියාවලිය සඳහා සහභාගිවීමට සැලසුම්කර ඇති බව සංවිධායකයෝ පැවැසූහ.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS