වරණාසියේ ‘ගංඟා දර්ශනයක’



ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ කුසිනාරාවට වැඩම කළ මහා සංඝරත්නය වරණාසියේ ‘ගංඟා දර්ශනයක’ නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (21) සඳහන් කළේ ය.

එයින් අනතුරුව එම මහා සංඝරත්නය වරණාසියේ ගංඟා නදියේ සුප්‍රකට නදී පිය ගැට පෙළ දැක බලගත්තේ යැයි ද එම කාර්යාලය කීය.

වරණාසිය ඉපැරැණි ඉන්දියාවේ ආධ්‍යාත්මික නගරය ලෙස සැලකේ.

වරණාසිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇත.

‘ගංඟා දර්ශනයක’ යනු ගංඟා නදිය ආශ්‍රිතව කෙරෙන හින්දු ආගම කේන්ද්‍ර කරගත් ආගමික පිළිවෙතකි.

මෙම සිදුවීම සංස්කෘතික සම්ප්‍රවාහයක් යැයි ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සදාකාලික බැඳීම්වල සැබෑ පිළිබිඹුවක් යැයි ද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.


RECOMMEND POSTS