රෝමයේ සිඟිති අවුරුදු උළෙල



සුපුරුදු ලෙස දෙදහස් විසි දෙකේ හින්දු සිංහල අලුත් අවුරුදු උදා උනත් අප මවු බිමේ සතුටින් අවුරුදු කන්නට මෙවරත් නොහැකි විය.

ගියවර කොරෝනා වසංගතය පැතිරී තිබුන බැවින් කවුරුත් සිටියේ මරණ බයෙන් නිසා දෙදහස් විසි එකේ අවුරුදු කන්නත් දකින්නත් වැඩිහිටියන් කෙසේ වෙතත් පුංචි දරුවන්ටවත් නොලැබීම ගැන තිබුනේ සිතේ දුකකි.

කොතරම් මවුබිමේ ප්‍රශ්න තිබුනත් පුංචි සිත් සතුටු කිරීම වැඩිහිටි අපගේ යුතුකම බැවින් රෝමයේ ශාක්‍ය මුනි විහාරයේ කටුවන සිද්දත්ථ නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන සිදුහත් දහම් පාසලේ පුංචි දුවා දරුවන් රාශියක් ඉගෙනුම ලබයි.

හින්දු, සිංහල අලුත් අවුරුදු ගැන අවුරුදු චාරිත්‍ර ගැන දුවා දරුවන්ට පෙන්වා දීමේ අරමුණින් දෙදහස් විසි දෙකේ අප්‍රේල් මස 17 වෙනි ඉරු දින පුංචියට ලස්සනට අවුරුදු උළෙලක් සුදානම් කර තිබුණි.

පළමුව ලිප් බැඳ ගිනි මොළවා කිරි උතුරවා සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පුංචි දරුවෝ එක හඬින් පැමිණ සිටි පිරිසට සුබ පැතූහ.

ඉන්පසු පොල්තෙල් පහන දල්වා කිරිබත් රසකැවිලි සමග කෑම මේසය සුදානම් කර තිබුණි.

පුංචි දරුවන් වැඩිහිටියන්ට,ගුරු දෙගුරු මවුපියන්ට බුලත් දී වැඳීමේ චාරිත්‍රයද සිදු කල අතර දරුවන්ගේ අවුරුදු ක්‍රීඩා රාශියක් තිබුනා.අලියට ඇස තැබීම,ටොෆි ඇල්ලීම,සලකුණු සොයා යෑම,බැලුන් පිපිරවීම,අන්ධයට කිරි කැවීම,වතුර පිරවීම ආදී ක්‍රීඩා රාශියක් පවත්වා ජය ලැබූ දරුවෝ සතුටින් සිටිනු  මම දුටුවෙමි.පුංචි සිත් සතුටු කරන්නට ගරු විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ දායක සභාව සිදුහත් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මෙම අවුරුදු උත්සවය පවත්වන්නට බොහොම කැපවීමෙන් මහන්සි වී කටයුතු කරනු දුටුවෙමු එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස ඉතා අලංකාර සිඟිති අවුරුදු උළෙලක් දුටුවෙමි.


RECOMMEND POSTS