රියාද් තානාපති කාර්යාලයෙන් තවත් නිවේදනයක්



ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 නව කොරෝනා වයිරසය සමතයකට පත්වෙනතුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනට සිටින රටෙහි ආරක්ෂිතව රැදී සිටින්න.

රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතා විසින් මාධ්‍ය නිවෙධනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ සෞදි අරාබියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාව බලා යාම සදහා තානාපති කාර්යාලයෙන් ඉල්ලීම් ගණනාවක්ම ලැබී තිබෙන නමුත් ශ්‍රී ලංකාව ඇතිලු සමස්ත ලෝකය පුරාම පැතිරී ඇති කොරෝනා වයිරසය ආසාදනය හේතු කොටගෙන ඇතිවී ඇති තත්වය සැලකිල්ලට ගෙන  ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයකට අනුව ගුවන් ගමන් සහ ශ්‍රී ලංකාවට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර අනිකුත් රටවල්ද ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බැවින්  අදාළ රටෙහි සුරක්ෂිතව රැදී සිටින ලෙස ඉල්ලා සිටින අතරම මෙම තත්වය පහව යන තෙක් ඉවසීමෙන් සිටින ලෙසද දන්වා සිටි.

මේ අතර එම නිවේදන මගින් මාදව දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැවසුවේ සෞදි අරාබියේ යම් යම් පිරිස් සහ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය මගින් තානාපති කාර්යාලයේ නම භාවිතා කරමින්  බඩු භාණ්ඩ සහ මුල්‍යමය ආධාර බෙදාහරින බවත් එම කණ්ඩායම් සහ පුත්ගලයින්ගේ ප්‍රතිරූපය සහ ජනප්‍රියත්වය ගොඩ නැගීම මෙහි  අරමුණ බවත් එවැනි පුත්ගලයින්ට හසු නොවන ලෙසත් මෙතෙක්  කිසිදු බඩු භාණ්ඩ හෝ මුල්‍යමය බෙදා හැරීමක් තානාපති කාර්යාලය මගින් එවැනි  වැඩසටහනක් දියත්  නොකරන බව අවධාරණය කරන අතරම එසේ  කරන්නේනම් සෞදි රජයේ නිලධාරින් සමග සාකච්චා කර සෞදි රජයේ නීති සහ රෙගුලාසි වලට සහ සෞදි රජයේ මැදිහත්වීමෙන් බවත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේනම්  සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කරන අතරමතානාපති කාර්යාලය මගින් කරන සියලුම වැඩසටහන් වල නිල තොරතුරුදැනගැනීම සදහා තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට හෝ මුහුණු පොත පරික්ෂා කරන ලෙසද දන්වා සිටි

මේ අතර කොරෝනා ආසාදිත කිසිම පුත්ගලයෙක් තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් වලකින ලෙසත් එසේ පැමිණියද රදවා ගැනීමේ පහසුකම් සහ කොරෝනා පරික්ෂා කිරීම සදහා පහසුකම් තානාපති කාර්යාලය සතුව නොමැතිවීමත් එසේ හෙයින් කිසිදු පුත්ගලයෙකු නිතර නිතර පැමිණීමෙන් වලකින ලෙසත් අවධාරණය කරන අතරම අවශ්‍ය විස්තර ලබා ගැනීම සදහා තානාපති කායාලය ඇමතීමෙන්  තොරතුරු සහ පහසුකම් ලබාදීමට හැකියාව පවතින බවත් ප්‍රකාශ කරයි.

තානාපති කාර්යාලය ඇමතීම සහ තොරතුරු ලබා ගැනීම සදහා 0591967312 ( සිංහල සහ දමිල භාෂාව )0591905178 (සිංහල භාෂාව) වෙබ් අඩවිය http;//slemb.org.sa

සෞදි රජයේ අවවාදය, සමාජ දුරස්ත්ත භාවය, නිවසේ රැදී සිටින්න “STAY HOME”

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට.

RECOMMEND POSTS