පැරීසිය මියගිය ශ්‍රීලාංකික මිතුරන් සිහිපත් කරයි



නොවැම්බර් 1 වෙනිදාා මලගිය ඇත්තන් සිහිපත් කරන ප්‍රංශයේ විශේෂිත නිවාඩු දිනයකි. මුළු ප්‍රංශයේම ඇති සුසාන භූමි විවිධ වර්ණ ඇති මල්මිටිවලින් එදිනට වර්ණවත් වීමත් සමග සුසාන භූමි මල්යායක සිරිය ගන්නේය.

ඒ අතරින් අහසට විහිදුනු ස්මාරක අතරින් පිය නගන ආශිර්වාද අතැති මිනිසුන්ගෙන් මුළු සුසාන භූමියම පිරී ඉතිරී ඇත්තේය. එදිනට එම භූමිය නිදහස් ආදරය, කරුණාව සමගින් පිංඅනුමෝදන් කරන පුන්‍ය භූමියකි.

එවැනි නිදහස් පුණ්‍ය භූමියක් පැරීසියේ ශ්‍රී ලාංකික සමාජය තුළ ද ඇත්තේය. එදිනට පැරීසියේ ලාංකිකයෝ ද විවිධ පිංකම් සහිතව මලගිය ඇත්තෝ සිහිපත් කරති.

මලගිය ඥාාතීන් සිහිකිරීම වෙනුවෙන් නොවැම්බර් මස 01 වෙනිදාාට යෙදී ඇති උතුම් දිනයේ වර්ෂයකට වරක් නොකඩවා පැවැත්වෙන පැරීසියේ ශ්‍රී ලංකා උස්කා ක්‍රිකට් සමාජය අනුග්‍රහායෙන් එහ සභාපති ශාකි ජයවර්ධන මහතා සංවිධානය කරන මලගිය ඇත්තන්ට පිං පැමිණ වීමේ පිංකම හා දන්සැල මෙවරත් පැරිස් කලාප අංක 17 හි සෙන්ට් ප්‍රන්ශුවා ඬේසලේ නම් කතෝලික දේවස්ථානයේ පිහිටි ශාලාවේදි පැවැත්වූයේය.

මියගිය ශ්‍රී ලාංකික සියලුම මිතුරන් සිහිකර මෙවැනි පිංකමක් මා දන්නා තරමට පැරීසියේ හැර යුරෝපයේ වෙනත් කිසිදු රටක සිදුනොවන්නේය.
මෙම පිංකමේ ඉතිහාසය ද රසවත්ය. මෙවර පැවැත්වෙන්නේ එහි 26 වැනි මලගිය ඇත්තන් සිහිපත්කිරීමය. එදාා පැරීසියේ ශ්‍රී ලාංකිකයන් අතර වීරයා, අහිංසකයා, මිත්‍රයා ආදි ලෙස ජනප්‍රිය චරිතයක් වූ අජිත් විමලචන්ද්‍ර සොයුරා 1993 දි එල්ලි සියදිවි නසා ගත්තේය.

පැරීසියේ ක්‍රිකට් ක්‍රීඩා උනන්දුව වැඩියෙන් තිබුනු එකල පැරීසියේ උස්කා ක්‍රිකට් ක්‍රීඩා සමාජයට මියගිය අඡිත් හදවතෙන් උදව් කල මිතුරෙකි. ඔහු සිහිපත් කරමින් එදාා ඇරඹුණ පිංකම අදවනවිට ප්‍රංශයේ ජීවත් වෙමින් මියගිය ශ්‍රී ලාංකික සියලු දෙනා සිහිපත් කිරීම දක්වා වර්ධනය වී ඇත්තේය.

පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රිස්තියානි එකමුතුවට සම්බන්ධ උස්කා ක්‍රිකට් සමාජය මෙම පිංකමේ සංවිධාන කටයුතු සිදුකරන අතර මෙවර පිංකම සඳහා පැරීසියේ පිහිටි ලෙව්ලුවා දේවස්ථානයට සම්බන්ධ ඇන්ටන් රංජිත් ප්‍රනාන්දු මහතා ඇතුලු ශ්‍රීලාංකික කතෝලික දාායක පිංවතුන් විශාල පිරිසකගේ දාායකත්වය ද ලබා දුන්නේය.

සියලුම ආගම් ප්‍රධාන කොට ආගමික චාරිත්‍ර වලින් පසු පැවැත්වෙන දන්සැල ද ඉන්අනතුරුව පැරීසියේ වෙසෙන යාචකයන්ට කෑම පාර්සල් බෙදාා දීමෙන් පසු මෙම අගනා පිංකමේ කටයුතු අවසන් වන්නේය.

පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි බෞද්ධ විහාරයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගලහිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලා තුන්නමක් ද, පැරීසියේ ලෙව්ලුවා නගරයේ පිහිටි කතෝලික දෙව්මැදුරේ ජනිත් කෞෂල්‍ය පියතුමන්, කීත්රී පියතුමන් හා කතෝලික කන්‍යා සොහොයුරියන් සත්දෙනෙකු විසින් අදාාල ආගමිකවතාවත් සිදුකරමින් මියගිය අය වෙනුවෙන් පිංඅනුමෝදන් සිදුකිරීමේ කටයුතු සිදු කළේය.

මෙවර පැරීසියේ වෙසෙන යාචකයන් 300 කට පමණ ආහාරවේලක් ලබා දීමට හැකිවූ බව මෙම පිංකමේ සංවිධාන කටයුතු සිදු කරන ඉහත ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති ශාකි ජයවර්ධන මහතා පැවැසීය.

මෙම පිංකමේ විශේෂ අවස්ථාව වන්නේ අප අතරින් මියගිය පැරීසියේ මිතුරන්ගේ ඡායා රූප ඉදිරියේ පහන් දල්වන නිදහස් අවස්ථාවයි.
මෙවර එවැනි ඡායාරූප 200 ක් පමණ ඇති බවත් පසුගිය මාස කිහිපයේ මියගිය ඇත්තන්ගේ ඇල්බමයට ඡායාරූප ගොඩක් එකතු වූ බවත් විවිධඅභියෝග හා දැඩි කැපවීමකින්, ආදරයකින් මේ දක්වා මෙම වටිනා පුණ්‍ය පිංකම පෝෂණය කළ ශාකි ජයවර්ධන මහතා පැවැසීය.

පැරීසියේ සියලු දෙනාගේම අවසාන ඡායාරූපය එකතු වෙන ඇල්බමය පුදපූජා කරන මෙම මහඟු පිංකමමෙවරත් නොවැම්බර් 01 වෙනි අගහරුවාදාා දහවල් ඉතාමත් චාම් අයුරින් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS