ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ප්‍රංශයේ උද්ඝෝෂණක්



හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත, පොදු දේපල පනත ආදිය උපයෝගී කර ගනිමින් මාධ්‍යවේදීන්, විරුද්ධ මතධාරීන් හා මහජනතාව මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ ගන්නවා යැයි චෝදනා කරමින් ප්‍රංශයේ පැරිස් නුවර උද්ඝෝෂණ රැලියක් පැවැත්විණි.

එම අන පනත් වහා හකුලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි පවසමින්, සටන් පාඨ ප්‍රදර්ශනය කරමින්  ඊයේ (18) පස්වරු 4 ට එම උද්ඝෝෂණය පැවැත්වූයේ ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි රිපබ්ලික් මහජන චතුරශ්‍රයේදී (Place de la Republiqe) ය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිංහල, දමිළ, මුස්ලිම්  ශ්‍රීලාංකිකයන් පිරිසක් සහභාගීවූ මෙම උද්ඝෝෂණය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රංශයේ ශ්‍රීලාංකිකයෝ නම් සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට

RECOMMEND POSTS