ජින්වලින් සම්මනයත් ගත් ලාංකිකයා



ඩැනී පෙරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයකු 2022 වසරේදී ආරම්භ කරන ලද 'ඩච් රූල්ස්' සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇති බවත් 'ඩච් රූල්ස්' ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

'ඩච් රූල්ස්' සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය. තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පැවැසුවේය.


RECOMMEND POSTS