අපේ හෙද නිලධාරිනියට එතෙරින් සම්මානයක්



කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙද නිලධාරිනිය නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා දිනෙන් දින බැබළෙන්නේ වෘත්තීය අත්දැකීම් සහ තවදුරටත් කරනු ලබන අධ්‍යනයන් තුළිනි.

ඇය පසුගියදා බ්‍රිතාන්‍යෙය්දී, Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානෙයන් පිදුම් ලැබුවාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සංවිධානය කර තිබූ එම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි වීම ද විශේෂත්වයකි.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ අවස්ථාව නියෝජනය කළ අතර හෙද නිලධාරිනියක මේ අයුරින් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.

තව ද London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි G20 සංවිධානය මගින් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය.


RECOMMEND POSTS