අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මිලානෝ නුවර
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 23 වෙනි ඉරුදින ඉතාලියෙ මිලානෝ නුවරට සැපත් විය.
පසුගිය පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරවලින් විපතටපත් දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝය විසින් සූදානම්කර තිබූ විශේෂ දේව මෙහෙය පැවැත්වීම සඳහා උන් වහන්සේට ආරාධනා කර තිබුනි. රෝමයේ වතිකානයේ සිට පැමිණි උන් වහන්සේ සමඟ ඉතාලියෙ සංක්රමණික ශ්රමිකයින් භාර ගරු නෙවිල් ජෝ පියතුමන්ද,ගරු ජූඩ් සමන්ත පියතුමන්ද,ගරු ඩෙනිස්ටන් සුභසිංහ යන පියතුමන්ලාද එක් වී සිටියහ.
මිලානෝ නගර මධ්යයේ පිහිටි ශාන්ත අන්තෝනි අබාතේ දේවස්තානයේදි ඉරු දින උදෑසන 10.30ට මෙම දිව්‍ය යාගය ආරම්භ වු අතර ඒ සඳහා අති විශාල ශ්රී ලාංකීක ජනතාවක් සහභාගිවී සිටියහ. ශ්රී ලංකා ජන රජයේ මිලානෝ කොන්සල් ජෙනරාල් ගරු ඩෙන්සිල් ෆොන්සේකා මහතාද මෙම අවස්ථාවට සහභාගීවි සිටිනු දක්නට ලැබුනි.
අති උතුම් කාදිනල් උතුමාණන් සමඟ මිලානෝ කිතුණු සංඝයේ අධ්යාත්ම උපාධ්ය ගරු ක්ලෝඩ් වනසිංහ පියතුමාද,සංජීව පෙරේරා පියතුමාද මෙම දිව්‍ය පූජාවේ ආගමික කටයුතු මෙහෙය වූහ.
සටහන - සුමිත් අරුණ