COVID-19 සඳහා ප්‍රතිකාරයක්



COVID-19 සුව කිරීමට ප්‍රතිකාරයක් සංවර්ධනය සඳහා ප්ලාස්මා පරිත්‍යාග කිරීමට අගෝස්තු 27 වන දින සින්චොන්ජි යේසු සභාව නම් ආගමික සංවිධානයේ සාමාජිකයින් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.

ගෝලීය වශයෙන් සාමාජිකයින් 300,000 ක් සිටින කිතුනු නිකායක් වන සින්චොන්ජි සභාව විසින් අගෝස්තු 27 සිට සැප්තැම්බර් 4 දක්වා තේගු හි දී කරන ලද දෙවන වටයේ පරිත්‍යාග මෙයයි.

වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇති වූ අර්බුදය යටතේ මෙය 24 වනදා  සිදු කරනු ලැබූවේ දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීන්, ප්‍රති ඖෂධය සංවර්ධනය කිරීම සඳහා අතිරේක ප්ලාස්මා පරිත්‍යාග කිරීමට සහයෝගය ලබා දෙන ලෙස සින්චොන්ජි සභාවෙන් ඉල්ලා සිටී ආරාධනයෙන් ය .

මේ වසර මුලදී, සින්චොන්ජි සභාවේ සාමාජිකයින්ගෙන් තේගු නගරයෙන් වැඩි වශයෙන් ආසාදන ඇති බවට තහවුරු වූ රෝගීන් 4,000 ක් පමණ සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වෛරසයෙන් සුවය ලැබුවේ මරණ 11 ක් සමඟ ය.

කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (KCDC) සහ සින්චොන්ජි සභාවේ වාර්තාවට අනුව, ප්ලාස්මා පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි කර ඇති සභා සාමාජිකයින් 562 ක් සහ KCDC සහ සින්චොන්ජි සභාව අතර සහයෝගීතාවයෙන් අගෝස්තු 26 වන විට 628 ක් සම්පූර්ණ කරන ලදී.  සැප්තැම්බර් මාසයේ දී පරිත්‍යාගය අවසන් වන විට සභාවේ  පරිත්‍යාග කෙරූ සංඛ්‍යාව  1,700 ක් වනු ඇත.

“ප්ලාස්මා පරිත්‍යාගයෙන් හා සායනික අත්හදා බැලීම්වලින් සුවයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමේ” අවශ්‍යතාවට මුහුණ දෙමින් KCDC අගෝස්තු 24 වන දින සින්චොන්ජි සභාවේ සාමාජිකයින්ගෙන් මහා පරිමාණ පරිත්‍යාගයක් ඉල්ලා සිටියේය.

“තේගු නගරයේ සහයෝගයෙන් තේගු මලල ක්‍රීඩා මධ්‍යස්ථානයේ  අවකාශය ලබා දීමට සැලසුම් කර ඇති අතර අගෝස්තු 27 සිට සැප්තැම්බර් 4 දක්වා අවශ්‍ය උපකරණ හා පිරිස් සැපයීමට GC Pharma සංවිධානය සැලසුම් කරයි.

සුවය ලැබීමෙන් පසු අනෙකුත් රෝගීන් බේරා ගැනීම සඳහා ප්ලාස්මා පරිත්‍යාග කිරීමට සහභාගී වූ ජනතාවට අපගේ කෘතඥතාව පළ කර සිටිමු.  ස්ථානයක් ලබා දීම ගැන තේගු නගරයටත්, සින්චොන්ජිහි සභා සාමාජිකයින්ටත් සහ කොරියානු රතු කුරුස සංවිධානයටත් අපි විශේෂයෙන් අපගේ කෘතඥතාව පළ කර සිටිමු" කියා KCDC හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්වොන් ජුන්-වූක් මහතා 27 සහ 29 යන දිනවල අඛණ්ඩව පවත්වන ලද කෙටි සටහන් දෙකකින් පැවසීය.

දකුණු කොරියාවේ ජෛව තාක්‍ෂණ සමාගමක් වන ග්‍රීන් ක්‍රොස් (GC) ෆාමා සමඟ සහයෝගයෙන් සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් සුවදායී ප්ලාස්මා ප්‍රතිකාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය සිදු කරනු ලැබේ.

එදිනම, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) COVID-19 ප්‍රතිකාර සඳහා හදිසි සුවදායී ප්ලාස්මා භාවිතා කිරීමට අවසර දී ඇත.  විශේෂඥයින් පවසන්නේ එවැනි ප්‍රතිකාර ක්‍රමවල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වැඩි දත්ත රැස් කිරීම අවශ්‍ය බවයි.

සුවදායී ප්ලාස්මා ප්‍රතිකාරයේ ඵලදායීතාවය සහ සංවර්ධනය පිළිබඳ පර්යේෂණ කිරීමේ ප්‍රධාන අභියෝග පැමිණෙන්නේ වෛරසයෙන් සුවය ලබා ගත් පරිත්‍යාගශීලීන් සීමිත සැපයුමක් පමණක් සිටින බැවිනි.

සින්චොන්ජි හි, සභාපති ලී මාන් හී මහතා සාමාජිකයින් හට ප්ලාස්මා පරිත්‍යාග කිරීමට උනන්දු කළේය.  “ප්ලාස්මා පරිත්‍යාග කිරීමේ උත්සාහයට අපි නායකත්වය දෙමු.

එවිට සභාවේ සාමාජිකයින්ගේ රුධිරයෙන්  (ප්ලාස්මා) COVID-19 අභිබවා යාමට පුරවැසියන්ට සහ රටට භාවිතා කළ හැකිය " කියා ඔහුගේ ලිපියකින් 25 වෙනිදා සාමාජිකයන් වෙත පැවසූහ.


RECOMMEND POSTS