21 වැනිදා පැරිසියේ විරෝධතාවක්!



වර්තමාන රාජපක්ෂ පවුල් පාලකයන් ශ්‍රීලංකාවේ මහජනතාවගේ දෛනික ජීවිතය අපහසුතාවයට පත් කොට, ශ්‍රීලංකාව බංකොලොත් තත්වයට ඇද දමමින්, කර ගෙන යන දුර්ධාන්ත පාලනයට විරෝධය පල කරමින් වසර 74ක් අපේ රට විනාශ මුඛයට ඇද දැමූ දේශපාලන හොරු රැල පන්නමු ! පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරනු !

මේ වන විට ශ්‍රීලංකාවේ  මහජන අයිතීන් වෙනුවෙන් දිවා රෑ නොතකා සටන් වදින සහෝදර ජනතාවට ධෛර්යය ලබා දෙමින් ඔවුන්ගේ ඉල්ලීම් ජය ගැනීමට සහාය පල කරන දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් එලැඹෙන අප්‍රේල් 21 වැනි බ්‍රහාස්පතින්දා සවස 4 ට පැරිස් අගනුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.

මෙම විරෝධතාවයට පක්ෂ, ආගම්, ජාති බේද නොතකා දුර්ධාන්ත රාජපක්ෂ පාලනයෙන් රට මුදවා ගැනීමේ සටනට එදිනට එක්වෙන ලෙස පැරීසියේ සියලුම ශ්‍රීලාංකිකයන් ගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා
පැරීසියේ ශ්‍රීලාංකිකයෝ

RECOMMEND POSTS